Colombo Today Local News

සම්භාෂණ-දේශන-ප්‍රදර්ශන-සංගීත සැණකෙළි-පෙළපාලි නැවත දැනුම්දෙන තුරු තහනම්

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් 19 රෝගීන් හේතුවෙන් ඇති වු තත්ත්වය පාලනය කිරීමට මහජනතාව එක්රැස් වන කටයුතු සිදුනොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඒ අනුව, ප්‍රිය සම්භාෂණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු පැවැත්විය නොහැකිය.

රටේ දැනට පවතින තත්ත්වය අනුව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට මහජනතා වගකීමෙන් යුතුව ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Related posts

දෙමළ-මුස්ලිම් ජනතා සන්ධානයේ සහය ගෝඨාභයට !

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි

colombotoday

“අණ නොතකා යන රියකට වෙඩි තබන්න පොලීසියට බෑ“ – පොලිස් කොමිසම කියයි

colombotoday

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී යෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීමට තීරණයක්.

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර හරක් කටා සහ කුඩු සලිදු පන්නන්න මෙහෙයුමක්

Admin

දෙවියන් වහන්සේ වෙනුවෙන් බෝම්බ පුපුරවන්න යන්න එපා…මැල්කම් රංජිත් කාදිනල්තුමා නත්තල් මංගල පූජාව පවත්වමින් පවසයි

colombotoday