Colombo Today Local News

‘සදා ලෝක පූජිත සංගක්කාරගම‘ ට සජිත්, සංගා අතින් මුල්ගල තැබේ…

සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවන 2,126 උදා ගම්මානය වන “සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම” සඳහා මුල්ගල තැබීම ඊයේ (19) සිදුවිය. මේ අවස්ථාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙන්ම කුමාර සංගක්කාර ද සහභාගී වූහ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ලුණුගම්වෙහෙර, කැන්දගස්මංකඩ ප්‍රදේශයේ නිවාස 25කින් සමන්විත මෙම ගම්මානය ඉදිකෙරේ. එක් පවුලක් සඳහා රු. ලක්ෂ 7කට අධික ආධාර මුදලක් මෙම නිවාසයක් ඉදිකිරීම සඳහා ලබාදෙයි.

එළඹෙන ජනාධිපතිවරණයට එජාප අපේක්ෂකයා බවට රාවයක් පැතිර යන කුමාර සංගක්කාර වෙනුවෙන් මෙම ගම්මානය නම් කිරීම විශේෂත්වයක් වන අතර ගමේ නම සමාජජාලාවල බොහෝ දෙනාගේ උත්ප්‍රාසයට හේතු වී ඇත.

Related posts

විපක්ෂ නායක සම්බන්ධන්ට එරෙහිව ඒකාබද්ධය සටනට

colombotoday

අධිකරණයට අපහාස කල අජිත් ප්‍රසන්න රිමාන්ඩ්.

colombotoday

ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංගිරිසියට හැරවිය යුතුයි

Admin

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට

colombotoday

‘රත්මලානේ රොහා’ ගේ සමීපතමයින් දෙදෙනෙක් ඇතුළු 6ක් STF අත්අඩංගුවේ

colombotoday

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ප්‍රහාරයක්.

colombotoday