Colombo Today Local News

අධිකරණයට අපහාස කල අජිත් ප්‍රසන්න රිමාන්ඩ්.

විශ්‍රාමික යුද හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්න පෙබරවාරි 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර ඇත.

විශ්‍රාමික යුද හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්නට අද (24) දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණය විසින් ඊයේ නොතීසි නිකුත් කළේය.

හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් ඉකුත්දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණ අපහාසයක් සිදුවී තිබේද යන්න පිළිබඳව විභාගයක් පැවැත්වීම සඳහා මෙලෙස නොතීසි නිකුත් කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙම නොතිසි නිකුත් කිරීම සිදු කර තිබෙයි.

නීති විරෝධී ලෙස අලි පැටවකු සන්තකයේ තබා ගත් බවට චෝදනා කරමින් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් ඉකුත් 14 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් 12 වන දා මාධ්‍ය හමුවක් පැවැත්වූ මේජර් අජිත් ප්‍රසන්න විනිසුරු ගිහාන් කුලතුංග විසින් මෙම නඩුව බලාත්කාරයෙන් තමන් වෙත ලබාගෙන විභාග කරන බවටත් පැමිණිල්ලට ලකුණු කළ නොහැකි ලේඛන පවා ලකුණු කිරීමට අවසර ලබාදී තිබෙන බවටත් චෝදනා එල්ල කළ බව සඳහන් කර සිටියේය.

මේ තුළින් අජිත් ප්‍රසන්න අධිකරණයට බලවත් අපහාසයක් සිදු කර ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා පෙන්වා දුන්නේය.

මෙම ප්‍රකාශ හා තම සේවාදායකයාගේ කිසිදු අදාළත්වයක් නොමැති බව එම අවස්ථාවේ විත්තිකාර තිළිණ ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

ඉන් අනතුරුව අජිත් ප්‍රසන්න විසින් සිදුකළ බව කියන මාධ්‍ය සාකච්ඡාව පිළිබඳව මාධ්‍ය ආයතනවලින් වීඩියෝ දර්ශන ලබාගෙන විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ගිහාන් කුලතුංග මහාධිකරණ විනිසුරුවරයා විසින් රහස් පොලිසියට නියෝග කර තිබුණි.

ඒ අනුව රහස් පොලිසිය විසින් අදාළ විමර්ශන වාර්තාව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ ගොනුකර ඇත.

එම වාර්තාව සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ප්‍රශ්නගත ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාසයක් සිදුවී තිබේද? යන්න පිළිබඳව විභාගයක් පැවැත්වීම සඳහා අද (24) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විශ්‍රාමික යුද හමුදා මේජර් හා නීතිඥ අජිත් ප්‍රසන්න වෙත නොතීසි නිකුත් කළේය.

Related posts

ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙල අවසන් අදියරට

colombotoday

මියගිය සුනිල් පෙරේරාගේ බිරිඳට යළි කොවිඩ්

colombotoday

සලිඳුට උණ්ඩියල් ක්‍රමයට රු. කෝටි 2 ක් යවන්න හැදූ සැකකරු මාට්ටු

colombotoday

පරිසර පනතට නව වගන්ති 42ක් | මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවෙයි. ප්‍රා.දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන් ම නිලධාරින් ද පරිසර හානි පසුපස සිටින බව නොරහසක් – මහින්ද අමරවීර

colombotoday

විපක්ෂ නායක දූරය ලබාගැනීමට අනුර කුමාර දිසානායක දැඩි සටනක

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ඉල්ලූ යුද හමුදා සෙබළුන් තිදෙනෙකුට වැඩ වරදියි

colombotoday