Uncategorized

“සජිත් ජනපති නොවුණොත් අපේ අනාගතය ඉවරයි” – බදියුදීන්

මෙවර ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

වවුනියා ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“මෙම අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කථාකරන ජනතාව එනම් සුළු ජාතීන් මෙම මැතිවරණයේදී ඉතා සුපරක්‍ෂාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍යයි. සුලු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාසට ලබා දෙන විට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැළැක්විය නොහැකියි. එමනිසා මෙම මැතිවරණයේදී අපි වෙනත් මැතිවරණ වාගේ බෙදීගොස් ඡන්දය දීමට බැහැ. අද මුස්ලිම් ජනතාවගේ ඡන්දය කොල්ලකෑමට හෝ විනාශ කිරීමට, සජිත් ප්‍රේමදාස පරාජය කිරීමට මෙම මැතිවරණයේදී ඡන්ද වර්ජනයක් කරන බව තවත් කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් පවසමින් සිටිනවා.

තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේ අපි විකල්ප කණ්ඩායමකට ඡන්දය දියයුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේදී සුළු සුළු පක්‍ෂවල සුළු ජාතීන්ට ඡන්දය දියයුතු බව කියා සිටිනවා. මෙසේ කොටස් කිහිපයකට බෙදී අපගේ ඡන්දය පරිහානියට පත්කළ යුතු නැහැ. සජිත් ප්‍රේමදාස හැර වෙනත් කෙනෙකුට අපි ඡන්දය ලබා දෙන්නේ නම් අනාගතයේදී පරම්පරා විනාශයට පත් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බව අපි දැනගත යුතුයි. අපි සියලු දෙනා බොරු ප්‍රචාර වලට රැවටිය යුතු නැහැ.”

Related posts

අහෝ දුකකි! අපේ උරුමයට වෙන දේ මෙන්න… ගෝනවල පන්සලක බෝධියක් කිසියම් පිරිසක් කපා දමලා

colombotoday

දන් කාලේ භින්ෂූන් වහන්සෙලා කියන්නෙම බොන්න එපා, සිගරට් බොන්න එපා කියලා… එනිසා මම බණ අහන්නෑ – චන්ද්‍රිකා

colombotoday

“රාජපක්ෂ එලෙව්වේ අපේ න්‍යායපත්‍රයෙන්” ඇමරිකාව කියන කතාව ජවිපෙත් කියයි

colombotoday

කෝටි 200 කුඩු සමඟ ඇල්ලූ හයදෙනා වරායට ගෙන එයි

Admin

ඉම්රාන් ඛාන්ට පාකිස්තාන රූපවාහිනී මාධ්‍ය නාලිකා තහනම්

Admin

ඉන්ධන නිකුත් කිරීම ගැන බලශක්ති ඇමතිගෙන් පණිවුඩයක්

colombotoday