Uncategorized

කෝටි 200 කුඩු සමඟ ඇල්ලූ හයදෙනා වරායට ගෙන එයි

ශ්‍රි ලංකාවට දකුණ දෙසින් වු මුහුදු සීමාවේ දී රුපියල් කෝටි 200 ට ආසන්න වටිනා හොරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව සහ ධීවරයන් හය හයදෙනා අද (18) පස්වරුවේ කොළඹ වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව කියයි.

ශ්‍රි ලංකාවට දකුණ දෙසින් වු කිලෝ මීටර් 760 ක දුරින් වු මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවය හා නාවික හමුදාව එක්ව ඉකුත් 12 දින මෙම මෙහෙයුම සිදුකර සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුමේ දී හොරොයින් කිලෝ 99 ක හා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 8 ක ප්‍රමාණයක් තිබු බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

හොරොයින් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව හලාවත ප්‍රදේශයේ යාත්‍රාවක් බවත්, එහි සිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් බව බවද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

Related posts

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

එක්නැලිගොඩ වෙනුවෙන් තවත් බුද්ධි නිළධාරියෙක් සිරගෙට.. දැන් 8යි

colombotoday

යුද ජයග්‍රහණයට ගෞරව කිරීමට මහින්ද නමින් මම ගමක් හදනවා – සජිත්

colombotoday

අවුරුදු 5කින් මේ රට මැලේසියාව කරනවා, අවුරුදු 10කින් සිංගප්පූරුව කරනවා… අපට බලය දෙන්න !

colombotoday

Myanmar to host tourism expo at the end of 2018

colombotoday

ෂර්මිලා රාජපක්ෂ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

colombotoday