Uncategorized

ඉම්රාන් ඛාන්ට පාකිස්තාන රූපවාහිනී මාධ්‍ය නාලිකා තහනම්

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට සියලුම පාකිස්තාන රූපවාහිනී මාධ්‍ය නාලිකා සඳහා තහනමක් පනවා තිබේ.

ඒ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයෙන් පරාජයට පත්වීමෙන් පසුව සිදුකළ වෛරී ප්‍රකාශන හේතුවෙනි.

ඉම්රාන් ඛාන් ගේ වෛරී ප්‍රකාශන හේතුවෙන් නීතිය හා සාමය පවත්වාගෙන යාමට අගතියක් සහ මහජන සාමයට බාධාවක් විය හැකි බැවින් පාකිස්තාන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහුගේ වත්කම් ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමට නොපැමීණීම හේතුවෙන් පාකිස්තාන අධිකරණයක් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ද නිකුත් කර ඇත.

Related posts

ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරයෙක් බලය කප්පාදු කරගන්නේ මෙන්න මෙහෙමයි

colombotoday

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරත් අලුත් වෙයි

colombotoday

සැකකරුවන්ට වස දුන්නාට සැකපිට පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ගේ කෝටි 900ට විද්ද හිමිකරු අතුරුදන්

Admin

ඉස්ලාම් අන්තවාදයට යහපාලන අනුග්‍රහය! රටින් පැන්නූ අන්තවාදියෙක් ගෙන්වන්න හදනවා – අසාද් සාලිගෙන් හෙළිදරව්වක්

colombotoday

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයේ

colombotoday