Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ඇමරිකානු හමුදා කදවුරක්…? ගිවිසුම සූදානම්

ශ්‍රී ලංකාව ඇතුළත ඇමෙරිකානු හමුදා කඳවුරක්‌ පිහිටුවීම සඳහා අවශ්‍ය ගිවිසුමක්‌ ඇතිකර ගැනීමට ආණ්‌ඩුව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

 ඇමෙරිකානු රජය හා ශ්‍රී ලංකා රජය අතර මේ පිළිබඳව ගිවිසුමකට එළඹීමට ඉකුත් අගෝස්‌තු මස 18 වැනිදා සාකච්ඡා පවත්වා ඇති බව ද ඊයේ

 (18 දා) පක්‍ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

 මෙරටට ඇමෙරිකානු හමුදා භටයන් හා හමුදා භාණ්‌ඩ, සන්නිවේදන උපකරණ ඇතුළු උපකරණ මෙරටට ගෙනැවිත් ලංකාව සමඟ කටයුතු කිරීමට සැලසුම් කරන බව ද හෙතෙම කීය. පැමිණෙන පිරිසට ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ට රජය දී තිබෙන හිමිකම් සියල්ල ලබාදීමට යෝජනා වී ඇති බව ද එය රටට ඉතා හානිදායක විය හැකි බව ද ඒ මහතා කීවේය.

 ඉරාකය ඇතුළු රටවල් රැසක්‌ ඇමෙරිකානු කඳවුරු නිසා දැඩි ගැටලුවලට මුහුණ දුන් බව ද ලංකාවේ ද ජාතික ආරක්‍ෂාවට මෙමඟින් තර්ජන එල්ල විය හැකි බව ද කී ඒ මහතා වහාම ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

 එජාප ආණ්‌ඩුව අත්සන් කළ ගිවිසුම් රැසක්‌ රටට ඉතා අහිතකර නිසා මේ පිළිබඳව ජනතාව හා අනෙක්‌ වගකිවයුත්තන් සොයා බැලිය යුතු බව ද ජයසේකර මහතා කියා සිටියේ ය.

Related posts

සියඹලාණ්ඩුවේ පාසල් බස් රථයක් පෙරලී 36 දෙනෙකු ට තුවාල

Admin

රජයේ මුදලින් මැති ඇමතීන්ට රට සවාරි තහනම් – ජනපති නියෝග කරයි

colombotoday

යාපනේ ආරක්ෂාව තර කරයි.. පොලිස් විශේෂ කාර්ය බළකාය සූදානමින් !

colombotoday

අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් 07ක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කරයි

colombotoday

මානුෂීය මුහුණුවර ඇති සංවිධාන හරහා කොවිඩ් ආධාර ත්‍රස්ත සංවිධාන අතට! රුසියාව, ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

colombotoday

මෛත්‍රී ශ්‍රීලනිපය වැනසුවා.. මේ කරන්නේ එජාපයේ ජය තහවුරු කිරීමයි – මහින්දගෙන් නිවේදනයක්

colombotoday