Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ඇමරිකානු හමුදා කදවුරක්…? ගිවිසුම සූදානම්

ශ්‍රී ලංකාව ඇතුළත ඇමෙරිකානු හමුදා කඳවුරක්‌ පිහිටුවීම සඳහා අවශ්‍ය ගිවිසුමක්‌ ඇතිකර ගැනීමට ආණ්‌ඩුව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

 ඇමෙරිකානු රජය හා ශ්‍රී ලංකා රජය අතර මේ පිළිබඳව ගිවිසුමකට එළඹීමට ඉකුත් අගෝස්‌තු මස 18 වැනිදා සාකච්ඡා පවත්වා ඇති බව ද ඊයේ

 (18 දා) පක්‍ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

 මෙරටට ඇමෙරිකානු හමුදා භටයන් හා හමුදා භාණ්‌ඩ, සන්නිවේදන උපකරණ ඇතුළු උපකරණ මෙරටට ගෙනැවිත් ලංකාව සමඟ කටයුතු කිරීමට සැලසුම් කරන බව ද හෙතෙම කීය. පැමිණෙන පිරිසට ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ට රජය දී තිබෙන හිමිකම් සියල්ල ලබාදීමට යෝජනා වී ඇති බව ද එය රටට ඉතා හානිදායක විය හැකි බව ද ඒ මහතා කීවේය.

 ඉරාකය ඇතුළු රටවල් රැසක්‌ ඇමෙරිකානු කඳවුරු නිසා දැඩි ගැටලුවලට මුහුණ දුන් බව ද ලංකාවේ ද ජාතික ආරක්‍ෂාවට මෙමඟින් තර්ජන එල්ල විය හැකි බව ද කී ඒ මහතා වහාම ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

 එජාප ආණ්‌ඩුව අත්සන් කළ ගිවිසුම් රැසක්‌ රටට ඉතා අහිතකර නිසා මේ පිළිබඳව ජනතාව හා අනෙක්‌ වගකිවයුත්තන් සොයා බැලිය යුතු බව ද ජයසේකර මහතා කියා සිටියේ ය.

Related posts

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday

බදු පනත් කිහිපයක් සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

කොච්චිකඩේ පල්ලිය අසලින් තවත් බෝම්බයක් හමුවෙයි…

colombotoday

කුසලධම්ම හිමියන් ගිලන් වෙද්දී දේපල සොරා ගැනීමට කැස කවන වසලයෝ…

colombotoday

අන්තරේ පා ගමනට පොලිසියෙන් කඳුලු ගෑස්

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැයට විරුද්ධ වෙයි…

colombotoday