Colombo Today Local News

යාපනේ ආරක්ෂාව තර කරයි.. පොලිස් විශේෂ කාර්ය බළකාය සූදානමින් !

යාපනය ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක විධි විධාන තර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පසුගිය දිනවල යාපනය ප්‍රදේශයේ ඇති වූ සිද්ධින්වලින් අනතුරුව එම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරිමට පොලිස්පතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

ඕනෑම හදිසි අවස්ථාවක පොලිසියට සහයදීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය ද සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එමෙන්ම යාපනය ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳව පොලිස් බුද්ධි අංශ මඟින් ද තොරතුරු ලබා ගනිමින් පවතින බව පොලීසිය සඳහන් කළේය.

Related posts

රටම බලා සිටි, ජනපතිගේ විශේෂ ප්‍රකාශය හෙට !

colombotoday

සචිත්‍ර සේනානායක ඇපමත මුදා හරී

Admin

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

මැලේරියා රෝගයට ලබා දෙන ඖෂධ වර්ග දෙකක් වෛද්‍ය නිර්දේශකින් තොරව අලෙවිය තහනම්

colombotoday

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට

colombotoday

නඩු 600කට වඩා ඇති මහාධිකරණ 4කට අතිරේක අධිනීතිඥවරු යෙදවීමේ තීරණයක්

colombotoday