Colombo Today Local News

විටින් විට ගිහියෙක් සහ චීවරධාරියෙක් ලෙස පෙනීසිටි හෙරොයින් ජාවාරම්කරු පොලිස් අත්අඩංගුවට

විටින් විට ගිහියෙක් සහ චීවරධාරියෙක් ලෙස පෙනීසිටිමින් හෙරොයින් ජාවාරමේ යෙදුණු විසි එක් හැවිරිදි පුද්ගලයෙක් ව වාරියපොළ, දහනෙක්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පුද්ගලයා හෙරෝයින් ජාවාරම සිදුකර ඇත්තේ, එම ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් බව වාරියපොළ පොලීසිය පැවසීය.

චීවරය සහිතව විටින් විට එම නිවසට පැමිණ ගිහියෙකු මෙන් පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

නිවෙස්හිමියා හා තවත් අයෙක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

දැඩිලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති චීවරධාරියෙක් ලෙස පෙනීසිටි එම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 8ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

Related posts

මහේෂ් තීක්ෂණ ස්කෑන් පරීක්ෂණයකට

Admin

කොළඹ නැවු තටාකාංගනයේ සේවකයන් 46කට කොරෝනා

colombotoday

මංගලගේ “ගම්පෙරළියට“ රුපියල් බිලියන 30 ක්…

colombotoday

“දුමින්ද සිල්වාට එරෙහි ප්‍රධාන සාක්‍ෂිය හිරුණිකා ගොතන ලද බොරු සාක්‍ෂියකි”

colombotoday

මේ රටේ සුළු ජාතින් නෑ. පල්ලි කෝවිල් දේවස්ථාන කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මුස්ලිම් සමුළුවකදී කියයි

colombotoday

යාපනය කොට්ඨාසයේ ජය සජිත්ට

colombotoday