Colombo Today Local News

මංගලගේ “ගම්පෙරළියට“ රුපියල් බිලියන 30 ක්…

රුපියල් බිලියන 30ක් තරම් අති විශාල මුදලක් වැය කොට ලබන අගෝස්තු මාසයේ දී මුළු රටම ආවරණය කරමින් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ජාලයක් “ගම්පෙරළිය” නමින් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (10) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදි අමාත්‍යවරයා කියා සිටියේ ගම්පෙරළිය ජාතික වැඩසටහන යටතේ සෑම ගමකම හරිත උද්‍යානයක්, පාරවල්, බෝක්කු, කුඩා වැව්, පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු සියලු යටිතල පහසුකම් සංවර්ධනය කරන බවයි.

ගමේ ජනතාවගේ මූලික යටිතල පහසුකම් අවශ්‍යතා ඉටුකරන දැවැන්ත සංවර්ධනයක් ‍ඉදිරි මාස 18 තුළ රටේම ක්‍රියාත්මක කරන බව පැවසු අමාත්‍යවරයා ඒ සඳහා ඉතිහාසයේ රජය වෙන්කළ වැඩිම මුදල මෙය වනු ඇති බව ද පැවසිය.

ගම්පෙරළිය වැඩසටහන යටතේ සෑම ගමකටම පුස්තකාලයක්, අංගසම්පූර්ණ ප්‍රජා ශාලාවක්, කුඩා වැව් විසිදෙදහසක් ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු කරන බවද ඇමැතිවරයා කියා සිටියේය.

තවද ලංකාවේ ආගමික සිද්ධස්ථාන සැළකීමේදී දේශපාලනය කරන සහ බලවතුන් ආශ්‍රය කරන සිද්ධස්ථාන පමණක් සංවර්ධනය වී ඇති බවත් එහෙත් ගමේ ජනතාවට ආගමික සේවා සපයමින් සිද්ධස්ථාන රැසක් ඉතා දුෂ්කර තත්ත්වයේ පවත්වාගෙන යාම සැළකිල්ලට ගෙන එම සංවර්ධනය නොවූ සියලු ආගමික සිද්ධස්ථාන මුළුමනින්ම සංවර්ධනය කිරීමටද බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම ඒ යටතේ බෞද්ධ සිද්ධස්ථාන පමණක් නොව පල්ලි සහ කෝවිල් ද සංවර්ධනය වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ගොවියන්ට පොහොර නොමිලේ දෙනවා – මහින්දගෙන් පොරොන්දුවක්

colombotoday

යුද හමුදාව උතුරේ අලුත් මෙහෙයුමක…

colombotoday

ලංකාවේ තහවුරු කළ කොවිඩ් ආසාදිතයන් 10යි

colombotoday

ත්‍රිවීල් රියදුරෙකුට කඩුවලින් පහරදී කටුනායකදී ඝාතනය කරයි

colombotoday

මියගිය මසුන් ලක්ෂ ගණනක් නැගෙනහිර වෙරළට ගොඩගසයි… මහ විපතක පෙරනිමිතිද?

colombotoday

ඉස්ලාමාබාද් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වේ

colombotoday