Colombo Today Local News

වෙළෙඳපොළේ ඇති ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග 7ක් සොයා විමර්ශන

වෙළෙඳපොළේ පවතින මෙරට ලියාපදිංචි නොවූ ඖෂධ වර්ග සොයා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා සඳහන් කළේ, මෙරට වෙළෙඳ පොළේ ජාතික නියාමන ඖෂධ අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග 7 කට ආසන්න සංඛ්‍යාව නීති විරෝධීව අලෙවි කෙරෙන බවට තොරතුරු ලැබි ඇති බවයි.

ඒ අනුව දිවයින පුරා ඖෂධ අලෙවිසල් ආශ්‍රිතව එම ඖෂධ සොයා පරීක්ෂකවරුන් වැටලීම් ආරම්භ කර ඇතැයි, ඔහු පැවසී ය.

එලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවූ ඖෂධ අතර කොරෝනා ආසාදිතවූවන්ට බහුල වශයෙන් ලබාදෙන බවට සැලකෙන ඖෂධ මෙන්ම විටමින් වර්ගයක් ද වන ඔහු සඳහන් කළේ ය.

මෙරටට ඖෂධ ආනයනය කරනු ලබන පුද්ගලයෙකුගේ දෙහිවල ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් පරීක්ෂා කිරීමේදී ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවූ නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ඖෂධ විශාල තොගයක් සොයා ගනු ගෙන තිබේ.

ඒ අනුව අදාළ ඖෂධ ‍මෙරටට ආනයනය කළ පුද්ගලයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබේ.

Related posts

යශෝධ රංගේ බණ්ඩාර රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

ඇමති අමරවීර එජාපයට… එන ඡන්දෙදී අලියා ලකුණින් !

colombotoday

කිඹුලාඇළේ ගුණා ඇතුළු පාතාලයන් 9ක් ගේන්න CIDය තමිල්නාඩුවට

Admin

හමුදාව නිහඩ කර අභිමානය බිදී.. කදවුර ඉදිරිපිටම කොටි සැමරුම් ! (Video)

colombotoday

චාවකච්චේරි බෝම්බකරු එඩ්වඩ් ජූලියන්, ප්‍රභාකරන්ගේ සමීප සගයෙක් !

colombotoday

රවීට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ නොහැකියි

colombotoday