Colombo Today Local News

වයස 24 තරුණියගේ බූරු පොලේ බූරු ගැසූ 7ක් නිරෝධායනයට

ඇඳිරිනීතිය පැවතියදී හල්දුම්මුල්ල වෑඑලිය  ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට බූරුවා ගැසූ  හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (11) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට දින දාහතරක් නිරෝධායනය ට යොමු කර  නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරු හේන  මහතා නියම කළේය.

 මෙම සූදු පොළ වටලා  කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පස් දෙනෙකු   හල්දුම්මුල්ල පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන තිබුණි.

  නිරෝධායනය නොවී අධි  අවදානම් කලාපයක් වන කොළඹ සිට පැමිණි  පුද්ගලයෙකු එහි සිටි බැවින් ඔහු කඳවුරු ගතව නිරෝධායනය කිරීමට කටයුතු යොදා තිබුණි .

24 හැවිරිදි තරුණියක් මෙම සූදුපොල කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබෙන බවට පොලීසියට  තොරතුරු අනාවරණය වී තිබේ .

එම ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අය  විටින් විට මෙම බූරු පොළට පැමිණෙන බවට සෞඛ්‍ය අංශවලට තොරතුරු ලැබී තිබූ බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසීය .

හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න සිල්වා මහතාගේ  මූලිකත්වයෙන් යුත් පොලිස් නිලධාරීහු  කණ්ඩායමක්   මෙම වැටලීම සිදු කළහ. 

Related posts

ඇවන්ගාඩ් සමාගමේ යුක්රේන ජාතික කපිතාන්වරයෙකු අත්අඩංගුවට

colombotoday

රයන් වෑන් 11 දක්වා රිමාන්ඩ්

colombotoday

ජනපති මැදුරේ “භූගත නිවස්නය“ හැදුවේ ඇයි? හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙළිකරයි.

colombotoday

රක්ෂිතයක් එලිපෙහෙලි කල 12 ක් අත්අඩංගුවේ. මුදා හරින්නැයි TNA මන්ත‍්‍රගෙන් පොලිසියට බලපෑම්

colombotoday

මේ වසරේ ඖෂධ මිල දී ගැනීමට මුදල් වෙන්කරන බව ජනපති කියයි

Admin

හිටපු හමුදාපති, ජාතික ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට !

colombotoday