Covid 19World

ලොව පුරා සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 04 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි හතර ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (18) දිනයේ ලොව පුරා නව ආසාදිතයින් 320,570 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව මේවන විට ලොව පුරා සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 40,278,207ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් මේවන විට ලොව පුරා පුද්ගලයින් 1,118,321ක් දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 8,387,799කි.

ලොව දෙවන වැඩිම කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එරට සමස්‍ථ ආසාදිතයින් සංඛ්‍යාව මේවන විට 7,548,238 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ඉතාලියේ භූ කම්පනයක්

Admin

බංග්ලාදේශ විපක්ෂ නායක මිර්සා ෆකුරුල් අත්අඩංගුවට

Admin

තවත් කොවිඩ් ආසාදනය වූ රෝගීන් 1,782ක්

colombotoday

හියිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බලයි.. උතුරු කොරියාව හෙල්ලෙයි

colombotoday

පිළියන්දල තැපැල් ස්ථානාධිපති ඇතුළු සේවකයන් 20 කට කොරෝනා

colombotoday

මහනුවර පිරිවෙනක භික්ෂූන් වහන්සේලා තිස් දෙනමකට කොවිඩ්

colombotoday