World

ඉතාලියේ භූ කම්පනයක්

මධ්‍යම ඉතාලියේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි ප්‍රබලත්වයක් සටහන්ව ඇත්තේ රික්ටර් මාපාංක ඒකක 4.8ක් ලෙසටය.

භූ කම්පනය මධ්‍යම ඉතාලියේ Florence නගරයට උතුරින් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

භූ කම්පනයත් සමග එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතු ද අත්හිටුවා තිබේ.

සිද්ධියෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා සඳහන් කරයි.

Related posts

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

colombotoday

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ අසාධාරණම නඩු තීන්දුව ලැබුණු කැත්ලීන්ට වසර 20කට පසු සමාව

Admin

ආසාදිතයකුට රහසින් ප්‍රතිකාර කළ උස්බෙකිස්තානු වෛද්‍යවරයෙකුත් මියයයි

colombotoday

රතු මුහුදේ ඇමෙරිකන් නැව්වලට ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගෙන් ප්‍රහාර

Admin

විෂබීජනාශක දියර බී රුසියාවේ 7 ක් මරුට

colombotoday

ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

Admin