Colombo Today Local News

කහ උණ ට එන්නත් 2000ක් මේ සතියේ දී දිවයිනට

කහ උණ සඳහා භාවිත කෙරෙන එන්නත් 2000ක් මේ සතියේ මෙරටට ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

මෙම එන්නත් මිලදී ගනු ලැබූවේ යුනිසෙෆ් සංවිධානය මාර්ගයෙන් බවද ඔහු සඳහන් කරයි.

කහ උණ එන්නත් හයදහසක් පමණ මෙරටට අවශ්‍ය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අප්‍රිකානු රටවලට වෙනත් රටවලින් යන පුරවැසියන් සියළු දෙනා මෙම එන්නත ලබා ගැනීම අනිවාර්යය වේ. එම රටවලට යෑමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් පන්දහසකට ආසන්න පිරිසක් මෙම එන්නත ලබාගැනීමට පෝලිමේ සිටින බව සෞඛ්‍ය ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මේ ගැටළුව පාර්ලිමේන්තුවේදී ද පසුගියදා සාකච්ඡාවට ලක්විය.

Related posts

ඕෂධීට නාමයෝජනා දී ඇත්තේ නාමයෝජනා මන්ඩලයේ බූරුවෙක්..- බැසිල්

colombotoday

ලෝක බිත්තර දිනය ලංකාවේ පළමු වරට සමරයි

colombotoday

රිෂාඩ් බදියුදීන් මහා සංඝරත්නයට අභියෝග කරයි… ජනපති-අගමැතිටත් අනතුරු අගවයි

colombotoday

ජනපති-අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්..

colombotoday

කරන්නාගොඩගෙන් ඊයෙත් පැය හතර හමාරක් ප‍්‍රශ්න කරයි

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට පොලිස් ආරක්ෂාව

colombotoday