Colombo Today Local News

ලාල්කාන්ත ඇප ලබා පැමිණි පසු විනය ක්‍රියාමාර්ග ගන්නවා…

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතකර සිටින කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇප ලබා පැමිනි පසු ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක කියා සිටියේ ලාල් කාන්ත හිටපු මන්ත‍්‍රීවරයා පක්ෂයේ සම්ප‍්‍රදායන් කඩකර තිබුණහොත් ඊට එරෙහිව පියවර ගැනීමට සිදු වන බවයි.

“ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් සිදුකරේ නැහැ. අවශ්‍ය තීන්දු තීරණ අධිකරණයෙන් ලබාදී දින 14ක කාලයක් රිමාන්ඩ් ගත කරලා තියෙනවා. ලාල් කාන්ත සහෝදරයා ආවට පස්සේ ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කරලා බලන්න ඕනේ. මොකක්ද සිද්ධ වුණේ, ඇයි ඔහු බීමතින් සිටියේ කියලා. පක්ෂයක් වශයෙන් දුම්බිම, මත්පැන් පානය කිරීම ආදී කරුණු දේශපාලනික සහ ආර්ථික හේතු නිසා අපි තහනම් කිරීමට පියවර ගනු ලැබුවා. ඒ මීට වසර ගණනාවකට පෙරයි.” මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

Related posts

සියල්ල හෙළිවේ.. ඇලෝසියස්ට හලෝ කීව අයගේ ලිස්ට් එක පාර්ලිමේන්තුවට

colombotoday

උතුරේ හමුදාවේ ඉඩම් නිදහස් කිරීම කඩිනම් කෙරේ.. TNA, ආරක්ෂක අංශ සමග සාකච්ඡා

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් දේවස්ථාන වලින් සොයා ගත් ආයුධ මුහුදේ ගිල්වයි

Admin

රන්ජන්ට සජිත්ගේ සන්ධානයෙන් නාම යෝජනා !

colombotoday

ජනක දින 14කට රිමාන්ඩ්

colombotoday

තවත් ගැලවෙන්න රෙදි නෑ.. අපි දැන් ඉන්නේ හෙළුවෙන් – ආචාර්ය නිර්මාල්

colombotoday