Colombo Today Local News

සියල්ල හෙළිවේ.. ඇලෝසියස්ට හලෝ කීව අයගේ ලිස්ට් එක පාර්ලිමේන්තුවට

මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද විශේෂ ජනාධිපති කොමිසන් සභා වාර්ථාවේ මෙතෙත් පාර්ලිමේන්තුව වෙත ලැබී නොතිබුණු සී /350 සිට සී/ 360 දක්වා කොටස් මීට ස්වල්ප මොහොතකට පෙර ජනාධිපති කාර්යාල නිළධාරී විසින් පාර්ලිමේන්තුවේ දී කථානායක කරූ ජයසූරිය මහතා වෙත බාර දුන් බව කථා‍නායක මාධ්‍ය අංශය පැවසීය.

ඒ අනුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් මහතා සමග දුරකථන සංවාද පැවැත්වූ පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් ‘සී-50’ (C-5) ලේඛනය අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පාර්ලිමේන්තුවට ලබානොදුන් කොටසක් වන ‘සී-50’ (C-5)යටතේ මෙම තොරතුරු අන්තර්ගතව ඇතැයිද වාර්තා වේ.

මෙම තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපති කාර්යාලයට දැනුම්දී තිබූ අතර ඒ අනුව ජනාධිපති කාර්යාල නිළධාරින් අද එම තොරතුරු කතානායකවරයාට බාර දී තිබේ.

එසේ වුවද, අර්ජුන ඇලෝසියස් මහතාගෙන් හෝ එම සමාගමෙන් මුදල් ලබා ගත් පුද්ගලයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවේ සඳහන් නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

රැකියා විරහිත කිලිනොච්චි තරුණ තරුණියන්ට යුද හමුදාවෙන් රැකියා !

colombotoday

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

Admin

කඩවත ප්‍රධාන පෙලේ රෙදි අලෙවිසැලකින් කෝටි 02කට අධික මුදලක් කොල්ලකෑමට ගිය අයෙකු මාට්ටු

colombotoday

DIG සහ කලාකරු දෙපුතුන්ගේ ගංජා ඇල්ලූ OIC ට දඩුවම් මාරුවක්

colombotoday

ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ඩයනාගේ පාස්පෝර්ට් නඩුවට වුන වැඩේ

Admin