Uncategorized

රාජ්‍ය වෙසක් උත්සවයේදී ඥානසාර හිමි නිදහස් කරන්නයැයි, භික්ෂූන් වහන්සේලා ජනපතිගෙන් ඉල්ලති.

අද (17) පැවති රාජ්‍ය වෙසක් උත්සවයේදී, බලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති බලපිටියේ ධම්මික හිමියන් විසින් සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙසක් දිනයේදී නිදහස් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කළා.

එහිදී අදහස් දක්වමින් ධම්මික හිමි සඳහන් කර සිටියේ,

මගේ ප්‍රදේශ බලපිටියේ මුස්ලිම් පවුල් 251ක් තියෙනවා. ඒ අය කියනවා, “අපිට 2010 වසරේදී ඥාණසාර ස්වාමින් වහන්සේ මේ අන්තවාදය පෙන්වලා දීලා කිවුව දේ හරියට හරි. දැන් අපිට සමගියෙන් ඉන්න බැරිව තියෙන්නෙ මේ අන්තවාදී කොටස් නිසා” යන කාරණය.

මේ වෙලාවෙදි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා ඥාණසාර ස්වාමින් වහන්සේට වෙසක් දවසේ දී නිදහස ලබල දෙන්න කියලා වගේම, මේ දේශය වෙනුවෙන් කටයුතු කරපු බුද්ධි අංශ නිලධාරි 45 දෙනාටත් නිදහස ලබා දෙන්න කියන කාරණාව.

Related posts

ෆාම් ලංකා කව් මිල්ක් නිෂ්පාදනාගාරය කල් ඉකුත් වූ එළකිරි ලේබල් වෙනස් කර නැවත වෙළෙඳපළට යවලා

colombotoday

රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Video

colombotoday

“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?

colombotoday

පාස්කු ප්‍රහාරය නිසා 2289ක් අත්අඩංගුවට… 1655ක් ඇප මත නිදහස් !!

colombotoday

“කැහි ගෑනි”ගෙන් ගෙන “හොටු ගෑනි” ට දී පලක් නැහැ බුද්ධිමත් නායකයකුට රට දුන්නොත් බේරගන්න පුලුවන්

colombotoday

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

Admin