Uncategorized

ෆාම් ලංකා කව් මිල්ක් නිෂ්පාදනාගාරය කල් ඉකුත් වූ එළකිරි ලේබල් වෙනස් කර නැවත වෙළෙඳපළට යවලා

කල් ඉකුත් වූ එළකිරි ලේබල් වෙනස් කර නැවත වෙළෙඳපළට යැවීමට කටයුතු කළ බව කියන දොම්පෙ ප්‍රදේශයේ කිරි නිෂ්පාදනය කරන ආයතනයක් ඊයේ (19)දින සවස මුද්‍රා තබා තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට ලද තොරතුරක් අනුව ගම්පහ පාරිභෝගික අධිකාරියේ ගම්පහ කාර්යාලයේ නිලධාරීන් සමග කළ වැටලීමකින් පසු මෙම ස්ථානයට මුද්‍රා තබා ඇත.

මෙහිදී කල්ඉකුත් වූ මිලිලීටර් 500 ප්‍රමාණයේ කිරි බෝතල් 1500 ක් සහ කලවම් කිරීමට රැගෙන ආ තවත් එළකිරි තොගයක් සොයාගෙන ඇත.
ෆාම් ලංකා කව් මිල්ක් නමින් මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන නිෂ්පාදනාගාරය පවත්වාගෙන යන බවත් එහි අනු ශාඛාවක් ලෙස කුලියට ගත් නිවෙසක මෙම වැටලීම කළ ආයතනය පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි. වැටලීම කරන අවස්ථාවේ එහි කළමනාකරු ඇතුළු හය දෙනෙකු එහි සේවය කර ඇත.

Related posts

උතුරේ ඡන්ද වර්ජණය කිරීමේ සූදානමක් !

colombotoday

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin

ආණ්ඩුවට තව ගහන්න ඉතිරිවෙලා තියන්නේ මළබද්දයි, මිනී පෙට්ටි බද්දයි විතරයි

colombotoday

ලොහාන් රත්වත්තේ ගැන හොයන්න විශ‍්‍රාමික විනිසුරුවරයෙක්

colombotoday

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

ගෑස් සිලින්ඩරයක මිල 300කින් වැඩි කළ යුතුයි – ලාෆ් සභාපති

colombotoday