Colombo Today Local News

යාපනේ ක්‍රීඩාංගණයක් අසලින් බෝම්බ ගබඩාවක් මතුවෙයි…

යාපනය අම්පන් ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේ පිහිටි කැලෑවක වලදමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ රැසක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ගොඩ ගෙන ඇත.
 
පේදුරුතුඩුව නාවික හමුදා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් ඒ බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දී, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අම්පන් සිවනොලික් ක්‍රීඩාංගනය ආසන්නයේ පිහිටි කැලෑවේ වලදමා තිබූ ස්ථාන පරීක්ෂා කිරීමේදී මෙම කොටි බෝම්බ තොගය හමු වී ඇත.
 
මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 47 ක් සහ පකිස්තානයේ නිෂ්පාදිත යුද ටැංකි විනාශ කළ හැකි කිලෝ 13 ක් බරැති විශාල ප්‍රමාණයේ අධිබලැති පීඩන බෝම්බ  4ක් තිබී ගොඩ ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත්ව ඇත.


යුද සමයේදී  අදාළ බෝම්බ තොගය කොටි සාමාජිකයින් විසින් මෙම ස්ථානයේ වලක් කපා ගබඩා කොට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් සැක පළ කර සිටි අතර ගොඩ ගත් බෝම්බ තොගය අධිකරණ නියෝගයකින් විනාශ කිරීමටද පියවර ගෙන ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලු වැඩිදුරටත් සඳහන් කළහ.

Related posts

දෙහිවල සත්තුත් උග්‍ර ආහාර අර්බුදයක

colombotoday

එජාප ප්‍රබලයෙක් ගෝඨාගේ සහයට එකතු වෙයි…

colombotoday

සිරියාවේ වෙන දේවල් මෙහෙ නොවෙන්න බොදු බලේ 2014 දී රජයට දුන්න යෝජනා මෙන්න

colombotoday

“කෝටි 7ක BMW 7 Series එකක් දෙන්න බැරිනම්, කෝටි 4 බෙන්ස් එකක්වත් මට ඕන” – ෆොන්සේකා

colombotoday

අස්වැසුම දෙවන අදියර ආරම්භ වේ.

Admin

ලංකා සතොස ඇතුළු සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශ කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday