Colombo Today Local News

අස්වැසුම දෙවන අදියර ආරම්භ වේ.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාරගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසයි.

අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් යොමු කර නොමැති පවුල්වලට මෙන්ම අයදුම්පත් ඉදිරිපත් කළ නමුත් නිවාස තොරතුරු සංගණනයට ලක් නොවූ ඕනෑම පුද්ගලයකුට දෙවැනි අදියර සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවන බව එහි සඳහන් ය.

දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාරගැනීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා මෙම අදහස් පළ කළේය. අස්වැසුම දෙවැනි අදියරේදී පවුල් ලක්ෂ 24කට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන අතර එහිදී හැකිතාක් සත්‍ය හා නිවැරදි දත්ත ඇතුළත් අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කළ හැකි බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

රට හදන්න බැරිනම් බලය අතහැර යනවා – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

රුසියා ජනපති පුටින්ගෙන් ශ්‍රී ලංකා ජනපතිට ඓතිහාසික තිළිණයක් ! (PHOTOS)

colombotoday

ඇමැති 20කගේ දුෂණ ෆයිල් ජනපති කොමිසමට

colombotoday

රන් මිල ඉහළ යයි

Admin

2020 රනිල් ජනපති කරන්න අරක්කු විකුණා අරමුදල් සොයයි !!

colombotoday

ඉතාම ආදරයෙන් මිනිස්සු අපිව පිලිගන්නවා. අපිව දැක්කහම ලගට දූ…වගෙන එනවා

colombotoday