Colombo Today Local News

යකා සම්පත් අත්අඩංගුවට

පොලීසියට හා ත්‍රස්ත විමර්ශන ඒකකයට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “ඊරිගම රාජපක්ෂ ගෙදර ආනන්ද සිල්වා” නොහොත් “යකා සම්පත්” නමැති සැකකරු අද (22)දින බත්තරමුල්ල, සුභුතිපුර ප්‍රදේශයේ දී තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “කරාටේ ධම්මික” නමැත්තාගේ ගෝලයෙකු බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා විට සැකකරුගේ නිවසේ තිබී රිවෝල්වරයක්, කඩු දෙකක්, මන්නා පිහියක්, යකඩ පොලු දෙකක් ව්‍යාජ වාහන අංක තහඩු දෙකක් හා හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 300ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

මිලි මීටර් 09 ගිනි අවියක් ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල පොලීසියටත්, පානදුර පොලිස් වසමේ වාහන මංකොල්ලයක් සම්බන්ධයෙන් හා කෝටි 4ක කප්පම් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයටත්, ස්වර්ණාභරණ අලෙවිසැලකින් කෝටි දෙකක කප්පම් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන ඒකකයටත් මෙම සැකකරු අවශ්‍යව සිට ඇත.

ඔහු හෙට (23)දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ගුරුවරු කරත්තයෙන් පාසල් යයි

colombotoday

ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන පුද්ගලයින්ට වෙඩි තැබීමට ත්‍රිවිද හමුදාවට නියෝග

colombotoday

මං ජනාධිපති වුනොත් මීට වඩා හොදින් රට පාලනය කරනවා. මා ජනාධිපති කරන වගකීම ජනතාව අතේ..

colombotoday

මහේන්ද්‍රන් බැඳුම්කර රහස් හෙළි කළ පසු එජාප මන්ත‍්‍රීන් 109කගේ දේශපාලනය අවසන් -කෙහෙළිය කියයි

colombotoday

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන්ගේ තොරතුරු

colombotoday

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උණුසුම් තත්ත්වයක්

colombotoday