Colombo Today Local News

මෙරට අක්කර ලක්ෂ 12ක් අල්ලන ඇමරිකානු මෙහෙයුමක්… ප්‍රධාන කාර්යාලය අරලියගහ මන්දිරය ඇතුළේ – නිළ ලිපියෙන් සියල්ල හෙළිවේ…

දිස්ත්‍රික්ක හතක් හරහා දිවෙන, අක්කර ලක්ෂ 12ක් අත්පත් කරගන්නා ඇමරිකානු නීතිය ක්‍රියාත්මක ‘ආර්ථික කොරිඩෝවක්’ ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ සැලසුම් සකස් කෙරෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නැමැති ඇමරිකානු රාජ්‍ය ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය අරලියගහ මන්දිරය තුළ පවතින බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ලිඛිත සාක්ෂි සහිතව ඔප්පු කර සිටියේය.

මෙම කාර්යාලය අරලියගහ මන්දිරයේ ඇතුළත පිහිටුවා ඇති බව හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙසත් නැතිනම් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් පසුගියදා අමාත්‍ය සාගල රත්නායක මහතා අයවැය විවාදයේ දී විමල් වීරවංශ මහතාගේ කතාවට බාධා කරමින් අභියෝග කර සිටියේය. එම අභියෝගය බාරගත් විමල් වීරවංශ මහතා (31) දංකොටුව සිත් රූ ශාලාවේදි පැවැති ‘රටට මොකද වෙන්නේ ?’ ජනහමුවට එක්වෙමින් මෙම කාර්යාලය අරලියගහ මන්දිරය තුළ වන බව පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ 2019 පෙබරවාරි 19 දාතම සහිතව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ශ්‍රී ලංකා කාර්යාලයේ, ජාතික උපදේශක/ සම්බන්ධීකාරක ආර්. සිරිවර්ධන නැමැත්තා යැවූ නිල ලිපියක් ජනතාවට පෙන්වමින් විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කලේය. එම ලිපියෙහි ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ හි ශ්‍රී ලංකා කාර්යාලයේ ලිපිනය ‘දෙවන මහල, නව ගොඩනැගිල්ල, උතුරු පියාපත, අරලියගහ මන්දිරය, කොළඹ 03’ ලෙස පැහැදිලිව දක්වා ඇති බව විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

තමන් මේ බව ඔප්පුකර පෙන්නූ නිසා ජනතාව රැවටූ සාගල රත්නායක අමාත්‍යවරයා ජනතාවගෙන් සමාව ගෙන ඉල්ලා අස්විය යුතු බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Related posts

නිවසට විදුලිය ලබා නොදීමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරකීමේ ව්‍යාපාරයේ සභාපතිගෙන් පැමිණිල්ලක්

colombotoday

අයිස්පීල්ල කඳු රක්ෂිතයේ අක්කර 60ක් ගිනි බත් වෙයි

colombotoday

බොදු බලේ නීතිපතිට මතක් කරදුන් අධිකරණවලට එල්ලවූ මුජාහිදීන් ත්‍රස්ත ප්‍රහාරය

colombotoday

“රාජපක්ෂ සමයේ බැදුම්කර ගනුදෙනු ගැනත් වහා සොයනු” – ජවිපෙ ජනපතිට කියයි

colombotoday

මහබැංකු මගඩිය: අර්ජුන් මහේන්ද්‍රන්ට තවමත් දඩුවම් දීලා නෑ – ඇමරිකාව කියයි

colombotoday

ඇමති කංචනගේ QR කේතයට බාලගිරි

colombotoday