Colombo Today Local News

“රාජපක්ෂ සමයේ බැදුම්කර ගනුදෙනු ගැනත් වහා සොයනු” – ජවිපෙ ජනපතිට කියයි

2008 – 2015 කාලසීමාවේදී සිදු වූ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු නොකරන්නේ නම් එය ජනාධිපතිවරයා විසින් සිය වගකීම් නොසලකා හැරීමක් ලෙස සැලකිය හැකි බවයි ජවිපෙ පවසන්නේ.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව මෙන්ම විගණකාධිපතිවරයා ද පැවති රජය සමයේ සිදු වූ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන සිදු කළයුතු බවට නිර්දේශ කර තිබිණි.

2015 වසරේ සිදු වූ බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් ද පැවති රජය සමයේ සිදු වූ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කළයුතු බව නිර්දේශ කර තිබිණි.

Related posts

පූජිත් ජයසුන්දර විශ්‍රාම යාමට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර

colombotoday

ආණ්ඩු විරෝධීන් හිරකිරිමේ උගුලක්… මහින්ද අනතුරු අගවයි

colombotoday

කොටි නිල ඇඳුමින් ඡායාරූප ගත් තරුණයෝ 6ක් අත්අඩංගුවට

colombotoday

ලංකාව ඉදිරියේ තවත් සුළි සුළගක්.. හෙට සිට දැඩි සුළං, මහ වැසි.. අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

colombotoday

අපහාස කල චාපා බණ්ඩාරට වැඩ වරදියි. – මිලියන 500 ක් ගෙවන්න වෙන ලකුණු

colombotoday