Colombo Today Local News

මාධ්‍ය වාරණයට එරෙහිව මාධ්‍යවේදීන් කලු පටි බදිති…

අත්අඩංගුවට ගන්නා කඩු පිහි ඇතුළු පුපුරන ද්‍රව්‍ය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරිම වැලැක්විමට හා මාතලේ මධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට සීල් තැබිමට තැත්කිරිම යන මාධ්‍ය  මර්දනයට එරෙහිව මාතලේ මාධ්‍යවෙිදීන්ගේ සංගමය කළු පටි බැදගනිමින් මාතලේ නගරයේදී අද (10)  වන දින විරෝධතාවක නිරත විය.

මාධ්‍යවෙදීන්ගේ සංගමයේ සාමාජිකයින් හිටපු අමාත්‍ය රෝහණ දිසානායක මහතා මහ නගර සභා නියෝජ්‍ය නගරාධිපති එස් ප්‍රකාශ් ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් මාතලේ ප්‍රදේශීය සභා  මන්ත්‍රි නාලක කොට්ටේගොඩ මහතා ඇතුළු ප්‍රාදේශීය සභා නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් මෙම විරෝධතාව සඳහා සහභාගී වුහ.

මාතලේ මාධ්‍යවෙිදන්ගේ  සංගමයේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තැබිමට පැමිණි මාතලේ මහ නගර සභාවේ අදායම් පරික්ෂක නිලධාරීන් හා මාධ්‍යවෙිදීන්  ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් අතර ඇති වු වචන හුවමාරුවේදී එම ස්ථානය දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇති විය.

සමස්ත ලංකා මාධ්‍යවෙීදන්ගේ  එකමුතු සංවිධානයේ ජාතික සංවිධාය කාංචන කුමාර ආරියදාස මහතා ‍සහ මාතලේ මාධ්‍යවෙිදින්ගේ  සංගමය මෙම විරෝධතාව මෙහෙයවිය.

ඉන් අනතුරුව මාධ්‍යෙව්දීන් කළු පටි බැදගෙන මාතලේ ඔරලෝසු  කණුව අසල සිට පාගමනින් මාතලේ මහ නගර සභාව වෙත ගමන් කර නාගරික කොමසාරිස් අනුර තිලකරත්න මහත්මිය හමුවි මාතලේ මාධ්‍යවෙිදන්ගේ  කාර්යාලයට සීල් තැබිමට ගෙන ඇති තිරණය පිළිබද විමසීමක්ද සිදු කළේය.

Related posts

සෝභිත හිමියන් පැතූ සාධාරණ සමාජය ගොඩ නැගීමට කැපවීම අප සැමගේ යුතුකමකි – ජනපති

colombotoday

ඕනෑම මැතිවරණයකට සූදානම් – මැකෝ

colombotoday

ක්‍රිඩා අමාත්‍යංශ ලේකම් ජනාධිපති කාර්යාලයට කැඳවයි

Admin

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරී…

Admin

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි !

colombotoday