Colombo Today Local News

මනාප සටන උණුසුම් වෙයි.. එකම පක්ෂයේ අපේක්ෂකයින් අතරත් ගුටිකෙළි..

පාර්ලිමේන්තු මැතිවරණය ළංවීමත් සමග දේශපාලන වේදිකාව මෙන්ම මනාප සටන ද උණුසුම් වී තිබේ.

දේශපාලන පක්ෂ අතර මෙන්ම එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර ද ගැටුම් සිදුවෙයි.

ඊයේ දිනයේදී අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ආධාරකරුවෙකුට පහරදීමක් සිදුව ඇති අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මහින්ද අමරවීර මහතාගේ ආධාරකරුවෙකු වන 38 හැවිරිදි චමිල කුමාර වන්නිආරච්චි නමැති පුද්ගලයෙකි.

මිද්දෙනිය ප්‍රදේශයේ පැවති හිතවතෙකුගේ අවමගුල් උත්සවයක් සඳහා සහභාගී වූ අවස්තාවේදී එම අවමගුල් උත්සවයට සහභාගී වී සිටි අගුනුකොළපලැස්ස ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා හා තවත් පුද්ගලයෙකු එක්ව චමිල මහතාට මෙලෙස හිස ප්‍රදේශයට පහර දී ඇත.

අදාළ පහරකෑමෙන් තුවාල ලැබූ චමිල මහතා හකුරුවෙල මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

සිද්දිය සම්බන්දයෙන් හකුරුවෙල රෝහල් පොලීසිය මගින් වීරකැටිය පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

Related posts

පාන් මිළ රු 5කින් පහළට !

colombotoday

සජින් වාස් ජනපති සමග අම්බලන්ගොඩ ශ්‍රීලනිප වේදිකාවේ !

colombotoday

ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා

colombotoday

අරක්කු මිල ඉහළට

Admin

ආසාදිතයන් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

colombotoday

සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නවා

colombotoday