Colombo Today Local News

මං අගමැති කරන්න කියන්නේ ජනතාවගේ අතට සල්ලි දාන්න- රනිල්

ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වීමට නම් ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබා දිය යුතු යයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

තමන් ජනවරමක් යළි ඉල්ලන්නේ ජනතාවගේ අතට සල්ලි දැමීමට බවද ඔහු කියා සිටියේය.

ජනාධිපති සහ අගමැති එක පවුලකින් පත් කරගන්නවා ද නැතිනම් අතට සල්ලි දාගන්නවා දැයි ජනතාව තීරණය කළ යුතු බවද ඔහු පැවසීය.

පවතින ආණ්ඩුවට විදේශීය විනිමය ලබාගත හැකි ක්‍රම වේදයක් නොමැති බවද කී ඔහු එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබාදුන් අගෝස්තු මස තුන් වන සතිය වන විට විදේශ විනිමය ප්‍රශ්නය නිරාකරණය කරන බවද කියා සිටියේය.

හිටපු අගමැතිවරයා මේ අදහස් පල කලේ තලපත්පිටිය ප‍්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.

Related posts

ඇඩම්ස්පීක් ගැලවෙයි… ශ්‍රීපාදස්ථානය ‘ගෞතම ශ්‍රී පාදස්ථානය’ ලෙස නම්වෙයි !!!

colombotoday

31 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවතට

colombotoday

නොරොච්චෝලයේ අලුත්වැඩියාවට චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට

colombotoday

රත්වත්තෙට එරෙහිව CID යට පැමිණිල්ලක්. විශේෂ විමර්ශනයක් අරඹන්නැයි ඇමති සරත් වීරසේකරගෙන් පොලිස්පතිට නියෝග

colombotoday

කොරෝනා මැද සහන වෙනුවට පොළී ලබා දුන් ලිසිං

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළඳපොළට

colombotoday