Colombo Today Local News

බොරැල්ල Traffic OIC හප්පා පලා යෑම – මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයාත් අත්අඩංගුවට

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එම අනතුර සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබී ය.

අනතුරට සම්බන්ධ ජීප් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් අධිකාරිවරයෙකුගේ 27 හැවිරිදි පුත්‍රයෙකු ද මෙන්ම එම ජීප් රථයේ හිමිකරු ද අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අයත් ය.

එසේම මෙම අනතුර සිදුවන අවස්ථාවේ එම රථය සමග පැමිණි තවත් ජීප් රථයක හිමිකරු හා එහි ගමන් කළ 23 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වේ.

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී ඊයේ අලුයම 4 30 ට පමණ කොළඹ – ගාල්ල මාර්ගයේ ඩුප්ලි බුලස් හන්දියේදී අනතුර සිදුවිය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Related posts

රටම පාවාදුන් ජනීවා යෝජනාවලියෙන් ඉවත් වීමට රජය සූදානම් !

colombotoday

යතුරුපැදි හිමිකරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

ඩුබායි වලින් ආ නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8,000ක් රේගු භාරයට

Admin

පොළොන්නරුවේ ඉපැරණි මානව ජනාවාසයක්

Admin

කටාර් එමීර්වරයා පවුලේ අය සමග මෙරට සංචාරයේ

colombotoday

මරාගෙන මැරෙනු කර්නල් කිට්ටු නැමති ත්‍රස්තයාගේ අනුස්මරණ උද්‍යානයට පිවිසෙන දොරටුව ගිනිබත් වෙයි.

colombotoday