Colombo Today Local News

බැදුම්කර මගඩියෙන් එජාපයේ සායම හේදෙයි… හොරු කවුදැයි රවී හෙළි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව තමා යටතේ නොතිබූ බව පැවැසීමෙන් රවි කරුණානායක මන්ත්‍රිවරයා ප්‍රසිද්ධියේම බැඳුම්කර මගඩියට වරදකරු තමා නොව අගමැති රනිල් වික්‍රමසිංහ යැයි අනියමාර්ථයෙන් පවසා අවසන් බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් පවසයි.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (11දා) ජානිපෙ පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී ඔහු මෙසේද පැවැසුවේය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය තේරුම් අරගෙන තියෙනවා බැඳුම්කර මගඩියෙන් මුළුමහත් එ.ජා.ප.යේම සායම හේදිලා ගියා කියලා. අවාසනාවකට පසුගියදා පාර්ලිමේන්තුවේ නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට සිදු වුණේ අගමැතිවරයා ඉතා කූට ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාද යොදාගෙන මේ සිද්ධිය වෙනතකට යොමු කිරීමේ ප්‍රකාශ ඉදිරිපත් කිරීමයි.

පසුගියදා පාර්ලිමේන්තුවට බැඳුම්කරයේ ජනාධිපති කොමිෂන් වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතවයි තිබුණේ. හැබැයි ඒ වාර්තාව ඉදිරිපත් වුණේ නෑ. ඒ හරහා වුණේ අගමැතිවරයා තමන්ගෙ බලතල පාවිච්චි කරලා කතානායකවරයාව යටපත් කරගෙන අවස්ථාව අරගෙන පාර්ලිමේන්තුව ඇතුළෙ ගුටි බැට හුවමාරු වන තත්ත්වයක් දක්වා තීව්‍ර කළා.

අනාවරණය වුණු කරුණක් තමයි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ 2016 වර්ෂයේ ලාභය රුපියල් බිලියන 5ක්. එතකොට ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා රජයට වුණු අලාභය රුපියල් මිලියන 11,145යි කියලා. බිලියනවලින් කියනවා නම් බිලියන 11.45යි. එතකොට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය සඳහන් වෙන්නේ බිලියන 5යි. එතැනදී තේරෙනවා බිලියන 6ක් කොහේ හෝ අතුරුදන් වෙලා තියෙනවා කියලා.

අපි විශ්වාස කරනවා මේ රුපියල් කෝටි 600 තමයි, මේ රුපියල් මිලියන 6,000 තමයි සන්තෝෂම් වශයෙන්, වරප්‍රසාද වශයෙන්, අල්ලස් වශයෙන් මේ ගනුදෙනුවේ විවිධ අයට ගෙවපුු මුදල් කියන එක. ඒවා තමයි මේ ගිණුමේ සඳහන් වෙලා නැත්තේ.

මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්මයා කියනවා ඒ අය ගණනය කරපු විදියට රුපියල් ටි්‍රලියනයක් කියලා මේ පාඩුව. රුපියල් ටි්‍රලියනයක් කියන්නේ රුපියල් පන්දහසේ කොළවලින් ලංකාවෙම වෙරළ තීරයම ඔතන්න පුළුවන් වගේ මුදල් ප්‍රමාණයක්. මේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නයි මේ පැහැදිලි කරන්නේ. ඔන්න බැඳුම්කර මගඩියෙන් වෙච්ච පාඩුව. ඒ නිසා මෙය සැබෑ ලෙසම ජනතා අධිකරණයේ විනිශ්චයට භාජන විය යුතුයි.

Related posts

මුස්ලිම් නොවන පුද්ගලයින්ට පුරවැසිභාවය ලබාදීමේ පනත වළක්වන්නැයි කළ ඉල්ලීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

මර්වින් මෛත්‍රී අතහැර රනිල්ගේ ඔඩොක්කුවට පනී.. රනිල්ට රට කරන්න දී මෛත්‍රීට බලාගෙන ඉන්න කියයි

colombotoday

ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් පල්ලියක තිබී අත්අඩංගුවට…

colombotoday

මහින්දානන්දගේ නමට ලන්ඩනයේ නිවසක්..! ලිපි ලේඛන අරන් රංජන් FCID යයි

colombotoday

ඩොලර් නැතුව අත්‍යවශ්‍ය ආහාර සහිත බහලුම් 2,500ක් වරායේ සිරවෙයි

colombotoday

ඉෂාලනිගේ දෙමව්පියන්ට රිෂාඩ් කොතරම් බලපෑම් කරාවිද? ඇප ලැබීම ප්‍රශ්නයක්…

colombotoday