Colombo Today Local News

බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ ලන්ඩන් තානාපති සේවය අවලංගුයි.. පාඨමාලාවකට චීනයට පිටත් කෙරේ ??

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරමින් සිටියදී මෙරටට ගෙන්වා ගත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චීනයේ මාස තුනක පාඨමාලාවක් හැදැරීමට අවස්ථාව ලබාදී ඇතැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා අද (26දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

යුද හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අතර අද දිනයේදී මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත්, ඒ අනුව බ්‍රිගේඩියර්වරයාගේ බ්‍රිතාන්‍ය තානාපති සේවය අවලංගු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

බ්‍රිගේඩියර්වරයා ලංකාවට නොගෙන්වා මහකොමසාරිස් කාර්යලයේ රැකියාව ඉදිරියටත් කරගෙන යෑමට අවස්ථාව ලබාදෙන බව ජනාධිපතිවරයා මැතිවරණයට පෙර පොරොන්දු වූ බවත්, ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ බිරිඳ සහ දරුවන්ගේ වීසා අවලංගු කර වහාම ලංකාවට ගෙන්වන්නැයි දෙමළ ඩයස්පෝරාව ඉල්ලා තිබෙන බවත් ඒ මහතා කීවේය.

Related posts

දුෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් මාව ඉවත් කලේ රිෂාඩ්ගේ දූෂණ සොයපු නිසා – ලැසිල්

colombotoday

සිව් වසරක සිර දඬුවමට පසු ඥානසාර හිමියන්ගේ හෘද සාක්ෂිය

Admin

බස්නාහිර පළාතේ මාළු වෙළෙඳාම් ස්ථානවලත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව

colombotoday

වැට් බදු පනත සංශෝධනය පාර්ලිමේන්තුවට

Admin

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා කණපිට පෙරළයි !

colombotoday

ඡන්දෙන් පසු ප්‍රබල අමාත්‍යාංශ තුනක් ජනපති යටතට

colombotoday