Colombo Today Local News

පෙළ පොත් සඳහා පණිවිඩය එක් කිරීමෙන් අමතර වියදමක් නෑ

පාසල් පෙළපොත් සඳහා තම ඡායාරූපය ඇතුළත් පණිවුඩය පෙළ එක්කිරීමෙන් අතිරේක ව කිසිඳු මුදලක් වැය වී නොමැති බවත්, පෙළපොත් මුද්‍රණය ආරම්භයේ පටන් ම විෂය භාර අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවුඩය පෙළපොතට ඇතුළත් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පෙළ පොත් මුද්‍රණයේ දී මිළ ගණනය කරනු ලබන්නේ, වර්ණ හෝ කලු, සුදු පිටු ගණන මත මිසෙක, පිටුවල අන්තර්ගතය පරීක්ෂා කරමින් නොවන බවත්, හිටපු අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ පමණක් නොව, හිටපු ජනාධිපතිවරුන්ගේ ද වර්ණ ඡායාරූප සහිත ව ප්‍රකාශ අන්තර්ගත ව ඇති අවස්ථා ගණනාවක් ම ජනාධිපති විමර්ශන කොමිසම වෙත ඉතා පැහැදිලි සාක්ෂි සහිත ව ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ  අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල් පෙළ පොත්වල ඡායාරූපය සහිත පණිවුඩයක් ලබාදීම තුළින් රජයට පාඩුවක් සිදුව ඇති බවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලද  පැමිණිල්ලකට අදාළ ව අද (01) ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“දින 52 තුළ සිටි අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මගේ පණිවුඩය පෙළපොත්වලින් ගලවන්න තීරණය කරල, පොත් පිටපත් ලක්ෂ 8කට පමණ මගේ ප්‍රකාශය සහිත පිටුව ඉවත් කරල හිස් පිටුවක් සහිත ව පෙළ පොත ඉදිරිපත් කරන්න නියෝග කරල තියෙනවා.

මේ නිසා දරුවන්ට නිසි කලට පෙළ පොත් ලබාදීමට පවා නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම එතුමා ජාතික ගීයත් පෙළපොතෙන් අයින් කරන්න තීරණය කරලයි තිබුණේ. එහෙත් අවසානයේ දී හිටපු ප්‍රකාශන අධ්‍යාපන කොමසාරිස්තුමිය විසින් කළ කරුණු කාරණා පැහැදිලි කරමින් කළ ඉල්ලීමක්  නිසා ජාතික ගීය තවදුරටත් පෙළ ඉතිරි වෙලා තියෙනවා.”

Related posts

හමුදාපති හමුවීමට පවා බිය දැනේ – මැතිවරණ කොමිසමේ රැස්වීමට පෙර යළිත් ලිපියක් ලියමින් මහාචාර්ය හූල් කියයි

colombotoday

දියණියගේ කෙරුවාවෙන් ප්‍රබල ඇමතිට වැඩ වරදී.. අමාත්‍යාංශයෙන් දොට්ට බහින්න කොට්ට පැදුරු අකුලයි !

colombotoday

තිස්සමහාරාම වැව හාරන්න චීන – ශ්‍රී ලංකා හවුල් සමාගම අවසරයක් ගෙන නැහැ

colombotoday

චම්පිකගේ උපදෙස් මත ලක්දනව් සමාගම හැදූ චුන්නාකම් විදුලි බලාගාරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

colombotoday

නව වසරේ හාල් මිලත් නගී.. කිලෝව 110 – 115 යි !

colombotoday

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය අද කතානායකට… විරුද්ධවන සියල්ලම දේශද්‍රෝහීන්….

colombotoday