Colombo Today Local News

හමුදාපති හමුවීමට පවා බිය දැනේ – මැතිවරණ කොමිසමේ රැස්වීමට පෙර යළිත් ලිපියක් ලියමින් මහාචාර්ය හූල් කියයි

මැතිවරණ කොමිසමේ මහාචාර්ය රත්නජීවන් හූල් යළිත් Colombo Telegraph වෙබ් අඩවියට ලිපියක් පළ කරමින් තම අදහස් දක්වා තිබේ. ඒ ලිපිය මගින් ඔහු අවධාරණය කරනුයේ කොමිසමේ අත කරකවා මැයි 28 මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරන බවත් තමාද ඇතුළුව ගණපූරණය සකස් වියයුතු කොමිසම විසින් එවැනි තීරණයක් ගැනීම සදහා රැස්වීමක් මෙතෙක් පවත්වා නොමැති බවත් එසේ තිබියදී මැයි 28 මැතිවරණය පැවැත්වෙන්නේය යන ප‍්‍රවෘත්තියක් තමාට ජනමාධ්‍ය හරහා දැනගැනීමට ලැබුණු බවත් ය. 

 
 ඒ සම්බන්ධයෙන් වන රැස්වීමක් අපේ‍්‍රල් 20 දින පැවැත්වීමට නියමිත බවට 16 වනදා තමන්ව විද්‍යුත් ලිපියක් මගින් දැනුවත් කළ බවත්, තමා කොවිඞ් 19න් ආරක්ෂිත බවට වෛද්‍ය පරීක්ෂණයන්ට ලක්වී සහතිකයක් ලබාගැනීමට ඒ කාලය කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවත්, තවද තමාට ඇදිරිනීති බලපත‍්‍රයක් ලබාගැනීමට ද මේ කාලය ප‍්‍රමාණවත් නොවන බවත් මහාචාර්ය හූල් වෙබ් අඩවියකට ලිපියක් ලියමින් ප‍්‍රකාශකර සිටී.
 
 ඒ අනුව, නොකෙරෙන රැස්වීමට කෝදුරු තෙල් හත් පට්ටය සොයන මහාචාර්ය හූල් අමතරයේ ”තවත් ටිකක්” සොයනුයේ ඒ රැස්වීමට පැමිණිමට නියමිත පහත සදහන් පුද්ගලයින්ගේ කැරැට්ටුව හාරා බලමිනි. මහාචාර්ය හූල්ට අනුව;
 
 1 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යනු ඉන්ෆ්ලූ‍වන්සාවත් කොවිඞ් 19ත් පටලවමින් බොරු ප‍්‍රවෘත්තියක් ගෙතූ පුද්ගලයෙකි. ඔහු ජනතාවට මුඛ ආවරණ පැළදීමට ඉඩ නොදුන් පුද්ගලයෙකි.
 
 2 වැඩබලන පොලිස්පති වික‍්‍රමරත්න යනු සිංහලයින් විසින් ගුරුකන්ද නමින් ජනාවාස කරන ලද චෙම්මලෙයි ප‍්‍රදේශයේ පන්සලක හිමිනමකගේ දේහය ආදාහනය කිරීම වළක්වන්නට අසමත් වූවෙකි. ඊට අදාල අධිකරණ නියෝගය ක‍්‍රියාවේ යොදවන්නට අසමත් වූවෙකි.
 
3 ඊළගට මේ ලූ‍තිනන් ජනරාල් සිල්වා? ඔහු ප‍්‍රශ්න කරනුයේ එසේය. ඔහුට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් තවමත් අසා නිම නොකළ චෝදනා රාශියක් ඇත. ඔහුට එරෙහිව තවත් මානව හිමිකම් සංවිධාන වෙතින්ද චෝදනා රාශියකි. යුද සමයේ දසදහස් ගණනින් දෙමළුන් සමූලඝාතනයට අණදීමේ වගකීම ඇත්තෙකි. දෙමළෙකු ලෙස 20 දින ඔහු හමුවූ විට ඔහු සමග තර්ක කිරීමටත් මම බියවෙමි. 

 
ඒ අනුව මේ තිදෙනාම කියන කරුණු ඉතා ප‍්‍රවේශමින් කිරා මැන බැලිය යුතුය.”
 
අහෝ! ස්වාධීන මැතිවරණ කොමසාරිස්වරයෙකුගේ තරම. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කල යුතුයයි හඩනගන කිසිවෙකු හෝ කොමිෂන් සභාවලට පත්කරන මෙවැනි බුද්ධිමතුන්ගේ සාමාන්‍ය බුද්ධියත්, ජාතිවාදීත්ව දර්ශකයත් පරීක්ෂා කරන්නැයි යෝජනා නොකිරීම දැඩි අඩුවක් බව දැන්වත් වටහා ගත යුතු නොවේද?
 
 ඔහුගේ තවත් අදෝනා බොහොමයකි. රටේ අවාසනාවට මෙවැනි කොමසාරිස්වරුන් මහජන මුදලින් නඩත්තු කිරීමට සිදුව ඇත්තේ ඔවුන් ඉවත් කිරීමට හෝ ඔවුන් සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගැනීමට මහජනතාවට කිසිදු අවස්ථාවක් සලසා නොමැති බැවිනි. මේ මීට මාස හයකට කලින්ද මැතිවරණ පැවැත්වීමට එරෙහිව ශේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ මැතිවරණ කොමිසම් සාමාජිකයාම ය. ඒ තමන්ගේ දේශපාලන කදවුර වෙනුවෙනි. මෙවරද ඔහු මේ දිගට හරහට ලිපි ලියනුයේ තම දේශපාලන කදවුර වෙනුවෙනි. ස්වාධීන වෙනුවට ස්ව-දීන කොමසාරිස්වරුන් හිමිවීමේ කරුමය අප විසින් ගෙවිය යුත්තේ ඔවුන් අපගේ මුදලින් නඩත්තුද කරමිනි.
 
 මහාචාර්ය හූල් මේ සැරසෙන්නේ මැතිවරණය සදහා දිනයක් නියම කිරීම වළක්වන්නටය. ඔහු තම අවසන් ගුග්ලිය දමනුයේ සාකච්ඡාවට තවත් විශේෂඥයින් අවශ්‍ය බවට හෙට්ටු කරමිනි. එනම්, ප‍්‍රජාවෛද්‍යවේදීන්, වසංගතරෝගවේදීන්, වෛරසවේදීන් සහ ක්ෂුද්‍රජීවවේදීන් ආදී වශයෙනි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සියළු අංශ නියෝජනය කළද මහාචාර්ය හූල් කෝදුරු තෙල්ම සොයන නිසාත්, හත්පට්ටය සහ තවත් ටිකක් ම ඉල්ලන නිසාත් 20 වනදා රැස්වීමේදී පාදයක් පෙරට තබා දැවැන්ත පහරක් එල්ලකිරීමට අවශ්‍ය පුහුනුව සහිතව එයට සහභාගී විය යුතු බව අවසාන වශයෙන් අවධාරණය කරමි.

Related posts

කොළඹ වැසෙන පාරවල්

Admin

මෝටර් රථයක් ප්‍රපාතයකට තල්ලු කර සිව් දෙනෙක් පැනගිහින්

colombotoday

උදයංග වීරතුංග මෙරටට ගෙන ඒමට උදර්පණ නීතිය හරස් වෙයි…

colombotoday

මුත්තු සිවලිංගම්ට ආණ්ඩුවෙන් ඉවත්වෙන්නැයි තොන්ඩමන් කියයි

colombotoday

“ආපදා කලමනාකරණයට වෙන්කළ සොච්චම් මුදලත් ආණ්ඩුව කප්පාදු කරලා” – ජවිපෙ හෙළිකරයි

colombotoday

අගමැති පත්වීම පිළිබඳව අදහස් පළකිරීම සුදුසු නෑ. නීතිපති කථානායකට පිළිතුරු දෙයි

colombotoday