Colombo Today Local News

උදයංග වීරතුංග මෙරටට ගෙන ඒමට උදර්පණ නීතිය හරස් වෙයි…

ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට රැගෙන ඒම සිදුකළ හැක්කේ තානාපති සබඳතා යටතේ පමණක් බව ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර පොලීසිය මගින් වෙනත් රටකදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු තවත් රටකට භාරදීමට අදාළ උදර්පන නීතියට ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග මෙතෙක් ගිවිසුම් ගතවී නොතිබීම ඊට හේතුව බව ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ පිළිබඳව ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර අදහස් හුවමාරු කරගනිමින් සිටින බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිරීතිවලට අනුව නිල දැනුම්දීමක් ලබාදෙන තුරු ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වන බවත් ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේද සහයෝගය ලැබෙන බවත් ඔහු කියා සිටියේය.

ඇමරිකා එක්සත් ජනපදය බලා ගමන් කිරිමට සූදානමින් සිටියදී උදයංග වීරතුංග ඊයේ (04 දා) ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර පොලීසිය මගිනි.

මිග් යානා ගණුදෙනුවට අදාළව අක්‍රමිකතාවක් සිදුකිරීම සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් සිදුකරමින් පවතී.

Related posts

යහපාලන මහ හොරු 10 ළගදීම එළියට.. බැදුම්කර වංචාව නිසා පළමු තැන අගැමැතිට !

colombotoday

ප්‍රභාකරන් වීරයෙකු යැයි කියන විජයකලාට තරුණ මන්ත්‍රීවරයෙකුගෙන් රිදෙන්න පිළිතුරු

colombotoday

රටේ එලවලු පලතුරු අවශ්‍යතා නිල වශයෙන් හදුනාගැනිමට සංගණනයක්

colombotoday

කොටස් වෙළෙඳපොළ ඒකක 99.49කින් ඉහළට

Admin

ලංගම රියදුරු-කොන්දොස්තර නිවාඩු අද සිට අවලංගුයි

colombotoday

විදේශ ආයෝජන ඩොලර් මිලියන 640 ක්‌ ඉවත් කරගෙන

colombotoday