Colombo Today Local News

නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වෙයි… දළ කෙටුම්පත අද එළියට…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත් කළ මෙහෙයුම් කමිටුව අද(11) යළි රැස්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 2.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙහෙයුම් කමිටුව රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුත් මන්ත්‍රීවරු 21 දෙනෙකුගෙන් සමන්විත වන පරිදි මෙම මෙහෙයුම් කමිටුව පත් කර තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ දළ කෙටුම්පත මේ වන විට සකස් කර ඇති අතර අද දිනයේ රැස් වන මෙහෙයුම් කමිටුවේදී ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි.

නව ව්‍යවස්ථාවක් සඳහා වූ පළමු දළ කෙටුම්පත මෙය වන අතර මෙහෙයුම් කමිටුවේදී මේ පිළිබඳව සාකච්ඡා කොට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අනතුරුව එය ජනතාව වෙත ඉදිරිපත් කර අදහස් හා යෝජනා ලබා ගැනීමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසන් කෙටුම්පත සකස් කිරීමට නියමිතයි.

Related posts

දහම් පාසල් විෂයමාලාව සංශෝධනයට සැලසුම්

Admin

ජනපති මෛත්‍රී දැන්ම යන්නෑ.. එන කන්නෙත් කොටල වපුරලයි යන්නෙ – විජිතමුණි සොයිසා

colombotoday

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලය කැළඹෙයි… තවදුරටත් තද වැසි

Admin

හෝමාගම අධිකරණය අසල හිමිනමක් ගිනිතබා ගැනීමට සැරසේ

colombotoday

කෝප් කමිටු සභාපතිධූරය මහාචාර්යවරයෙකුට

colombotoday

එක්සත් ජාතීන්ගේ “වධ කදවුරු” චෝදනාවට හමුදා නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday