Colombo Today Local NewsHealth & Lifestyle

පිළිකාවට සුව ගෙන දෙන දිව ඔසුවකි “සරක්කු”

සරක්කුපිළිකා මර්දනය කිරීම සඳහා යොදා ගත හැකි එරිසිෆෝලීන් (Ericifolin) රසායනික සංයෝගය  ඕල්ස්පයිස් (Allspice) ශාකයේ පත‍්‍රවල අඩංගු බව කාර්මික තාක්‍ෂණික ආයතනයේ ප‍්‍රධාන පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ආර්.එම්. ධර්මදාස මහතා පවසයි. සරක්කු යනුවෙන් සිංහල නමින්ද හඳුන්වයි.

උතුරු ඇමෙරිකාව නිජබිම කර ගත්  ඕල්ස්පයිස් (Allspice) ශාකයේ විද්‍යාත්මක නාමය වනුයේ පිමෙන්ටා ඩිඔයිකා (Pimenta dioica) ය.  මෙය ශ්‍රී ලංකාව තුළ ඉතා සාර්ථකව වගා කිරීමේ හැකියාව ඇති අතර මෙහි ඇති සුවිශේෂි ලක්ෂණය වන්නේ ශාඛයේ පත‍්‍රවල ඇති එරිසිෆෝලීන් (ericifolin) නම් රසායනික සංයෝගය ප‍්‍රබල පිළිකා නාශකයක් නිසා එය පිළිකා මර්දනයට යොදා ගත හැකිවීමය. කුරුඳු, සාදික්කා හා කරාබුනැටිවල අඩංගු රසය, සුවඳ සහ ඖෂධීය ගුණයත් මෙහි අඩංගුවීම තවත් සුවිශේෂී ලක්‍ෂණයකි.

පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ආර්.එම්. ධර්මදාස මහතා

මීට පෙර මෙම ශාඛය පිළිබඳව පර්යේෂණ සිදුකර තිබුණද, මේවන විට සිදු කළ පර්යේෂණ වලට අනුව  ඕල්ස්පයිස් (Allspice) ශාඛයේ පත‍්‍රවල සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අත්‍යවශ්‍ය වන ෆීනෝල් (Phenol), ෆ්ලෙවනොයිඩ් (Flavonoid) සහ ප‍්‍රති ඔක්සිකාරක (Antioxidant) ගුණයන්ගෙන් සමන්විත අතර ආහාර රසකාරක ගුණාංග වන ඉයුජිනෝල් (eugenol), බීටා කැරියොතිලීන් (beta-caryophylene)  යන සංයෝග ද ඉතා ඉහළ මට්ටමක පවතින බව සොයාගැනීමට මට හැකිවිණි. උතුරු ඇමරිකාවේ ග්‍රේටර් ඇන්ටිල්ස් දුපත්, දකුණූ මෙක්සිකෝව, දකුණු ඇමරිකාව නිජබිම වු මෙම ශාකය සමකය ආසන්න කලාපයේ වැඩේ. ශාඛ පත‍්‍රයේ ඉයුජිනෝල් (eugenol) 65 %ක් අන්තර්ගත වන අතර ඉවත දමන දඩුවමට වුවද නැවත පණක් ලැබෙන සිරිලක් පොළවේ දී එය 85 % ක් පමණ අන්තර්ගත වෙනවා.

මෙම ශාකය පිළිකාවලටත් කොලෙස්ටරෝල්වලටත් එරෙහිව සටන් කිරීමේ හැකියාව තියෙනවා. ඖෂධීය ගුණයෙන් හා සුවිශේෂි ආහාර රස කාරකයක් වශයෙන් යොදා ගත හැකි මෙම ශාකය නුදුරු අනාගතයේදී ඉහළ ආර්ථික වටිනාකමක් ඇති වගාවක් ලෙසද ශ‍්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමට හැකිවන බව මගේ විශ්වාසයයි.

දැනට ශ‍්‍රී ලංකාවේ ඖෂධීය පැළ විශාල ප‍්‍රමාණයක් අධ්‍යයනය කර ඇති අතර ඒ සියලූම අධ්‍යයන කටයුතු වලට ඖෂධ පැළෑටි යොදාගෙන තිබෙනවා. Allspice ශාකය පිළිබඳ කරන ලද පර්යේෂණයේ වාර්තාව ඇමරිකාවේ Universal Journal of Agriculture Research සඟරාවේ පළකර තිබේ.

 

Related posts

උතුරේ සිංහල ගම්මානවලට TNA විරෝධය.. කෑකෝ ගසමින් උතුරු සභාවේදී විරෝධය දක්වයි

colombotoday

තඹුත්තේගම ලක්ෂ 223ක කොල්ලය නැවතූ පොලිස් වීරයාට උසස් වීමක්

colombotoday

හෙරොයින් කිලෝ ග්‍රෑම් 11 සහ ගිනි අවි කිහිපයක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

බිද වැටුණු එංගලන්තය මුල් ඉනිමට ශක්තියක් වෙමින් පසුපෙළ පිතිකරුවන් සමග එක් වී නවකයෙකු ගොඩ නංවයි..

colombotoday

ඉදිරි ජයග්‍රහණ සිහිනයක්ම කරමින් තිසර පෙරේරාත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

colombotoday