Colombo Today Local News

නීතිවිරෝධීව මෙරට 7000ක් සිටිනවා – ආගමන විගමන දෙපාර්තමේන්තුව

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් 7000 කට ආසන්න විදේශිකයින් පිරිසක් මෙරට සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව  පවසනවා.

විවිධ හේතු මත ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා කටයුතු සහ වෙනත් කාර්යන්වල නිරතව සිටින බවටයි මුලික විමර්ශණවලදි හෙලිවි ඇත්තේ.

මේ පිරිස අතර ඉන්දීය, චීන සහ නයිජිරියා ජාතිකයින් වැඩි වශයෙන් සිටින බවටද වාර්තා වනවා.

මෙම පිරිස අතරින් විදේශිකයින් 180 දෙනෙකු මිරිහාන රැඳවුම් කඳවුරක රඳවා ඇති අතර ඔවුන් අනිවාර්යෙන්ම පිටුවහල් කිරීමට තීරණය කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මෙම පිරිස වීසා නීති උල්ලංඝනය කර ඇති අතර වීසා කාලයට අමතරව මාස ගණනක් නීතිවිරෝධිව මෙරට රැකියාවල නිරතව සිටි ඇති බවද සඳහන්.

Related posts

ශීඝ්‍රගාමි දුම්රියක කාර්මික දෝෂයක්… ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

මුඛ ආවරණ නොමැතිව සිටි 14 කට කොවිඩ් පොසිටිව්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට !

colombotoday

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න යෝජනා කිහිපයක්

Admin

කොළඹ කොටස් වෙළෙඳපොළට එක්වීමට යන අලුත්ම සමාගම මෙන්න

Admin