Colombo Today Local News

නීතියට එකග නෑ, ව්‍යවස්ථාවටත් පටහැනියි “ඔබට මෙහෙ නඩු අහන්න බෑ“ – හිටපු ජනපති ජපන් විනිසුරුට කියයි

M_Id_369201_Mahinda_Rajapaksaජපන් රජයේ පරිචෝදක කාර්යාලයේ මොටෝ නොගුචි මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව හමුවිය. එම අවස්ථාවට හිටපු විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද සහභාගී විය. හිටපු ජනාධිපතිතුමා නොගුචි මහතාව සාදරයෙන් පිළිගත් අතර ජපානයත් ශ්‍රී ලංකාවත් අතර මිත්‍රශීලී සම්බන්ධයත් ආර්ථික ක්‍ෂේත්‍රයේ ලංකාවට ජපානයෙන් ලැබුණු සහයෝගයත් අගය කලේය. නොගුචි මහතා තමා කම්පුචියාවේ යුද අපරාධ අධිකරණය සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම් විස්තර කලේය. මහින්ද රාජපක්‍ෂ මහතා කම්පුචියාවත්, ලංකාවත් අතර ඇති වෙනස විස්තර කරමින් පවසා සිටියේ ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචන්ඩත්වය මුලින් උපුටා දමා තිබෙන නිසා සියලුම ජන වර්ග හා ආගම්වලට අයත් පුරවැසියන්ට සාමකාමී වාතාවරණයක ජීවත් වීමට ඉඩ ලැබී ඇති බවයි.

රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව විසින් තමාට අතුරුදහන් වුවන්ගේ කොමිසමට උපදෙස් ලබා දීමට එකල ආරාධනය කිරීම ගැන නොගුචි මහතා ස්තුතිය ප්‍රකාශ කර සිටියේය. හිටපු ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ එම කොමිසමේ සභාපති වූ මැක්ස්වල් පරණගම මහතා තමාට ඉදිරිපත් කල ලිඛිත ඉල්ලීමක් පරිදි එම කොමිසමට ජාත්‍යන්තර මානුෂීය නීතිය (යුධ නීතිය) හා ජාත්‍යන්තර මානව අයිතීන් නීතිය පිළිබදව අදහස් දැක්වීමට පමණක් ජාත්‍යන්තර නීති විශාරදයින් කීහිපදෙනෙකු ගෙන්වා ගත් බවත්, අදහස් දැක්වීමෙන් ඔබ්බට ගිය කාරයභාර්යක් ඔවුන්ට නොතිබුණු බවය.

ලංකාවේ ආරක්‍ෂක හමුදා සම්බන්ධයෙන් හෝ වෙනත් පුරවැසියන් සම්බන්ධයෙන් අධිකරණමය බලයක් හෙබවීමට හා පරිචෝදකයන් ලෙස කටයුතු කිරීමට කිසිදු අවස්ථාවක ඔහු විදේශිය නීති විශාරදයින්ගේ සේවය ලබා නොගත් බවත් රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය. එවැන්නකට අපේ රටේ ජනතාව එක හෙළාම විරුද්ධ බවත්, විදේශීය නීති විශාරදයින් අධිකරණමය කටයුතු මෙහෙය වීම ලංකාවේ සාමාන්‍ය නීතියට මෙන්ම ව්‍යවස්තාවටද පටහැනි බවත් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ගත හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ලාංකිකයන්ගෙන් පමණක් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් තිබීම බවට නොගුචි මහතාද එකග විය.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්

Related posts

කොවිඩ් ආසාදිත අසාද්‍ය රෝගීන්ට ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර 1,000 ක් ආනයනයට සැලසුම් – සෞඛ්‍ය අමාත්‍යාංශය

colombotoday

කන්නියා උණුදිය ළිං පුරාවිද්‍යා පරිශ්‍රයේ චෛත්‍යයක් සංරක්ෂණය කිරීමට අතුරු තහනම් නියෝගයක්

colombotoday

නාවික හමුදාපතිට මාස 6ක සේවා දිගුවක්

colombotoday

ගල්කිස්සේ අතුරු මාර්ගයක වැටී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

colombotoday

ජනපතිගේ ජාතිය ඇමතීම මඩේ එරිච්ච මිනිහගේ දැඟලිල්ල වගේ | චම්පික රණවකගෙන් ප්‍රහාරයක්.

colombotoday

අලුත් ව්‍යවස්ථාව රටට මහ විනාශයක් !.. – ගැටඹේ නාහිමි

colombotoday