Colombo Today Local News

නීති විරෝධී ලෙස කහ ගෙනා පුද්ගලයා ස්වයං නිරෝධායනයට

මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේ දී නීති විරෝධී ලෙස මෙරටට රැගෙනැවිත් තිබූ වියළි කහ කිලෝ ග්‍රෑම් 999ක් සමග සැකකරුවෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.

පසුගිය අඟහරුවාදා (28)දින නාවික හමුදා කණ්ඩායමක් විසින් මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක දී කිසියම් ද්‍රව්‍යයක් සැකසහිත ලෙස අසුරන ලද ගෝනි කිහිපයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක්කර ඇත.

එහිදී එම ගෝනි උර තුළ අසුරන ලද වියළි කහ තොගයක් සොයාගෙන ඇති අතර, කිලෝ ග්‍රෑම් 999 ග්‍රෑම් 500ක බරින් යුත් එම වියළි කහ තොගය මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් මෙරටට රැගෙනවිත් ඇති බව අනාවරණය වී තිබේ.

නාවික හමුදා බාරයට ගත් එම කහ තොගය, වැඩිදුර නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, පවතින කොවිඩ්-19 අවදානම් තත්ත්වය මත අදාළ සැකකරු ස්වයං නිරෝධායනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කර තිබේ.

Related posts

බැදුම්කර මගඩියේ සැකකරුවන් ලෙස තිදෙනෙක් නම් කරයි.. අර්ජුන් මහෙන්ද්‍රන්ට අධිකරණ නියෝගයක්

colombotoday

මලික්ටත් ගුටි…

colombotoday

දුමින්ද ඉවතට – ශ්‍රීලනිප මහ ලේකම් එස්.බී. !

colombotoday

ජල ගාස්තුවටත් මිල සූත්‍රයක්? පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් වලට දෙන්න යෝජනා

Admin

තොටළඟ ගින්න බලන්න ගිය මුජිබර් රහුමාන්ට ජනතා විරෝධය

colombotoday

වත්මන් රජය යටතේ තමන් ඇසූ, දුටු අමිහිරිම පුවත් ගැන සෙන්පති කමල් ගුණරත්න හෙළිකරයි

colombotoday