Colombo Today Local News

මේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕනේ

බලය වෙනුවෙන් කඳුළු සළන කිසිදු පාළකයෙක් මහජනතාව වෙනුවෙන් කඳුළු සළා නොමැති බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක
අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මහජන ඡන්දය වෙනුවෙන් වේදිකා මත කඳුළු සළන ඇතැම් අපේක්ෂකයින් මෙරට දැරියන් දූෂණය කරන විට, මැදපෙරදිග ගොස් සිටින මෙරට කාන්තාවන් එම රටවල්වල පීඩා විඳින විට කඳුළු සළන්නේ නැති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

වසර 72ක් රට පාලනය කළ ආණ්ඩු දෙක යටතේ රටකට විය හැකි සියලු ආකාරයේ විනාශයන් සිදුවී ඇති බවද එනිසා “මේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕනේ.” යනුවෙන් ද අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසීය.

Related posts

මහජන සේවය හරියට නොකල මහනුවර පොලිසියම මාරු කරයි

colombotoday

පනත සම්මතවීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු අගමැති සමග සතුටු සාමිච්චියේ !

colombotoday

පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin

හිටපු ආරක්ෂක ලේකම් 25 රහස් පොලිසියට කැදවයි…

colombotoday

රජයේ ආයතන රැසකට අගමැති අත ගසයි!

colombotoday