Colombo Today Local News

අපේ විදෙස්ගත ශ්‍රමිකයින් දුක්විඳිනවා.. තානාපති කාර්යාල ඔක්කොම නිදිමතේ- සජිත්

මෙරටට වැඩිම ආදායමක් හිමිකර දෙන විදෙස්ගත ශ්‍රමිකයින් වත්මන් ආණ්ඩුව අමතක කර ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“ආණ්ඩුව නියෝජනය කරන තානාපති කාර්යාල ඔක්කොම නිදිමතේ ඉන්නේ..එදා ජනාධිපතිවරණයේ දී ඡන්දේ දාන්න එනකොට ඒ අයට කිවුවා රට විරුවන් කියලා..කොරෝනාව එනකොට කොරෝනා බෝම්බකරුවෝ කිවුවා..එහෙව් ආණ්ඩුවක් මේක..”යනුවෙන් ඒ මහතා පැවසීය.

පාදුක්ක ප්‍රදේශයේ ඊයේ (29)දින පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා ඒ බව සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණයේ දී මුළු රටෙන්ම වැඩිම මන්ත්‍රීවරු ප්‍රමාණයක් ලබාගෙන සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු සිදුකරන බවද සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කළේය.

Related posts

ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි රිමාන්ඩ්

colombotoday

ඡන්ද පොලට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩිවැදී රෝහලේ…

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නි. පොලිස්පති නාලක සිල්වා යළි රිමාන්ඩ්…

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් හමුදා සෙබළියන් පිරිසක් විරෝධතාවක

Admin