Colombo Today Local News

නිවාස හදන්නම් මම නම් දන්නේනම් නෑ.. සදා ලෝක පූජිත ගම්මාන නිසා මගේ නම කැත වුනා- සජිත්

ගම්මාන සාදා නම කැත කර ගත් ලෝකයේ එකම පුද්ගලයා තමන් විය හැකි බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඉදිරියේදී තමන් විසින් ඉදිකිරීමට සැලසුම්කර ඇති මහල් නිවාස සංකීර්ණ සඳහා නම් දැමීමට තමන් කටයුතු නොකරන බවද ඒ සදහා ජනතාව විසින් නම් යෝජනා කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

තමන් විසින් සදා ලෝක පූජිත ගම්මාන නම් කිරීමෙන් පසු විවිධ පුද්ගලයන් එක එක කතා කී බව ද ඔහු සිහිපත් කළේය.

එනිසා මෙවර තමන් නිවාස හා මහල් නිවාස සාදා නම් නොදමන බවත් කැමති නම් ඇත්නම් යෝජනා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මැතිවරන ප‍්‍රචාරක කටයුතු සදහා යාපනය බලා යමින් සිටින අතරවාරයේ තම ප්‍රාඩෝ රථයේ සිට අන්තර්ජාලය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට !

colombotoday

මත් ඖෂධ විකුණූ වෛද්‍යවරයෙක් පොලිස් දැලේ

Admin

පාසල් දරුවන්ටත් අර්ධකාලීන රැකියා කිරීමට අවස්ථාව

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 104 ක් අත්අඩංගුවට

colombotoday

වසර 150ක් ලංකාවටම තෙල් දෙන්න පුළුවන් මන්නාරමේ තෙල් නිධිය

colombotoday

[Video] බොදු බල සේනාව ජනපති හමුවී ඉල්ලුවේ මොනවාද?

colombotoday