Colombo Today Local News

පාසල් දරුවන්ටත් අර්ධකාලීන රැකියා කිරීමට අවස්ථාව

වයස අවුරුදු දහසයත්-විස්සත් අතර තරුණ තරුණියන්ට පෞද්ගලික සමාගම්වල අර්ධ කාලීන රැකියා කළ හැකි වන පරිදි නීති සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය සූදානම් වෙයි.

කම්කරු ඇමැති මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අනාවරණ වී ඇත්තේ රැකියා කිරීමේ පරිසරයකට ළමයින් හුරු නොවීම නිසා කම්කරු ක්ෂේත්‍රයේ ගැටලු රැසක් මතුව ඇති බවයි.

මෙම වයස් සීමාවේ දරුවන්ට මසකට පැය විස්සක කාලයක් අර්ධ කාලීන රැකියා සිදු කළ හැකිය. එම සේවා කාලය සඳහා ගෙවීම් සිදු කිරීමට පෞද්ගලික සමාගම්වලට අවසර ලබා දීමටද නියමිතය. එම කාලයේ ස්ථිර රැකියා අවස්ථා ලබා නොදිය යුතු අතර විධිමත් පුහුණුවක් ලබා දීම ද අනිවාර්යය වෙයි. දැනට තරුණ ප්‍රජාව රැකියා සඳහා යොමු වීමේ වයස අවුරුදු දහසය වෙයි. නව නීති සංශෝධනයට අනුව රැකියා කිරීමේ අවස්ථාව පාසල් සිසුන්ටත් හිමි වෙයි.

එහෙත් අනතුරුදායක රැකියා අවස්ථා හැත්තෑ දෙකක් තිබෙන අතර ඒවායේ රැකියා කිරීමට ඉඩ ලබා නොදෙන බව ද අමාත්‍යාංශය පවසයි. තවද අර්ධ කාලීන රැකියා කිරීමේ දී ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. ගෙවීමේදී ප්‍රශ්නයක් මතු වන බැවින් ඒ සඳහා ද නීති සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ. ආයෝජන හිතකර ශ්‍රම බළකායක් නිර්මාණය කිරීමද මෙහි අරමුණයි.

Related posts

කොරෝනා මරණ වැළලීමට ඉල්ලු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කරයි. – Breaking News

colombotoday

කොතරම් මිලේච්ඡ ප්‍රහාරයක් කළත් සාමකාමී වන්න.. ශ්‍රී ලංකාව ලෝකයෙන් කොන් වේවි.

colombotoday

බඹරු ඇන දෙමෝදර විදුහලක සිසුන් 8ක් රෝහලේ

colombotoday

යකඩ ගේට්ටුව කඩා වැටී අවුරුදු තුනක දරුවෙක් මිය යයි

Admin

අධිකරණයට අපහාස කල බවට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පැමිණිල්ලක්

Admin

අගමැති රනිල්ගේ නිවස ගිනිතැබූ 3ක් අත්අඩංගුවට – තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

colombotoday