Colombo Today Local NewsCovid 19

නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව වව්නියාවේත් විරෝධතා !

විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් කොරෝනා වෛරසයෙන් නිරෝධායනය කිරීම වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථානයක් වව්නියාව පම්පමඩුව යුද හමුදා කඳවුරක් තුළ ස්ථාපිත කිරීමට විරුද්ධව ඊයේ (14) වව්නියාව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් විරෝධතාවයක නිරතව ඇත.

වව්නියාව නෙලුකුලම ප්‍රදේශයේ දී මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කොට ඇති අතර, විරෝධතාවට වව්නියාව දෙමළ ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව ඇත

වවුනියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමකින් තොරව විදෙස්ගතව සිට පැමිණෙන පිරිස් පම්පමඩුව ප්‍රදේශයේදී කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ඒම තුළින් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව විරෝධතාකරුවන් පවසා ඇත.

විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 213 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් වව්නියාව පම්පමඩුව යුද හමුදා කඳවුරක් වෙත 13 වැනිදා සවස රැගෙන එනු ලැබිණ.

බස් රථ 6කින් අදාළ පිරිස වව්නියාව යුධ හමුදා කඳවුරක් වෙත රැගෙන එනු ලැබු අතර, නිරෝධායනය වෙනුවෙන් අදාළ පිරිස රැගෙන ඒමත් සමඟ වව්නියාව ප්‍රදේශවාසීන් දැඩි ලෙස නොසන්සුන් වි ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

ada derana.lk

Related posts

ශනිල් නෙත්තිකුමාරට ඇප

colombotoday

ආණ්ඩුවේ සුළු පක්ෂ 12කින් යෝජනාවලියක්

colombotoday

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

දැරියක් ලිංගික කටයුතුවලට අලෙවි කල අයෙක් අත්අඩංගුවට | දැරිය මිලදී ගත් අය සොයා මෙහෙයුම් අරඹයි

colombotoday

විදේශ තානාපති නියෝජිතයින් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

පෞද්ගලික බස් හිමියන්ට ලැබෙන සහන වව්චර් පත

colombotoday