Colombo Today Local News

නාලක ගොඩහේවා FCIDයෙන් අත්අඩංගුවට ගනී

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සභාපතිව සිටි සමයේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට රුපියල් ලක්ෂ 50ක් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔහු අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවා තිබිණි.

අදාල ප්‍රකාශය ලබා ගැනීම සදහා ඔහු කැදවා තිබුණේ පසුගිය 05 වනදා වන නමුත් එදිනට නොගොස් අද 07 වනදා දක්වා කල් ලබාගෙන තිබිණි.

ඒ අනුව අදාල ප්‍රකාශය ලබා දීම සදහා ඔහු අද පැමිණි අවස්ථාවේදී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මාධ්‍යයට පැවසීය.

Related posts

දේශපාලන පත්‍රිකාවලට තමන්ගේ ඡායාරූප යොදාගැනීම ගැන කාදිනල්තුමාගෙන් නිවේදනයක්

colombotoday

අපේක්ෂකයෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇමරිකානු සහ ඉන්දියානු එම්බසි ඩොලර් මලු තෑගි දෙයි

colombotoday

නිරෝධායන නීතියට අභියෝග කරන්න රනිල් සුදානම් වෙයි

colombotoday

මගේ වැඩ ප්‍රශ්න කරන්න ජනපති කොමිසමට බැහැ – නීතිපතිගෙන් ලිපියක්

colombotoday

ඊයේ කොවිඩ් මරණ 26ක්

colombotoday

සජබයේ තනතුරු දෙකක් වෙනස් වෙයි

Admin