Colombo Today Local News

දේශපාලන පත්‍රිකාවලට තමන්ගේ ඡායාරූප යොදාගැනීම ගැන කාදිනල්තුමාගෙන් නිවේදනයක්

මෙවර මහ මැතිවරණයේදී තමාගේ කිසිදු අනුදැනුමකින් තොරව ඇතැම් අපේක්ෂකයින් සිය මැතිවරණ දැන්වීම් සහ ප්‍රචාරක පත්‍රිකාවල, තමාගේ ඡායාරූපය භාවිත කරමින් සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

තමා මුණ ගැසීමට පැමිණි අවස්ථාවන්වලදි ලබාගත් ඡායාරූප ඔවුන් මෙලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කරමින් සිටින බව කාදිනල් හිමිපාණන් පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව දන්වා තිබේ.

අදාල නිවේදනය මගින් කාදිනල් හිමිපාණන් පෙන්වාදෙන්නේ තමා හෝ අගරදගුරු පදවිය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන කණ්ඩායමක් සමග පක්ෂ දේශපාලනයේ නොයෙදෙන බවය.

තම හෘද සාක්ෂියට අනුව කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට සෑම පුරවැසියෙකු සතු ප්‍රජාතාන්ත්‍රික අයිතිය කිසිවෙකුට අහිමි කළ නොහැකි බව ද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

යුද හමුදාව PCR පරීක්‍ෂණ සිදු කිරීමට සූදානම්

colombotoday

මිරිහානේදී බස් රථ 2කට ගිනිතැබූ සැකකරුවෙක් සොයා පොලීසිය මහජන සහය පතයි..

colombotoday

ගල්කිස්ස වෙරළ සෝදාපාළුවීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියකි- පාඨලි චම්පික

colombotoday

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

Admin

20ට විපක්ෂයෙන් විරෝධය

colombotoday

උසස් පෙළ සිසුන් එන්නත්කරණය කොළඹින් ඇරඹේ

colombotoday