Colombo Today Local News

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙක්

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලිපි ප‍්‍රදානය කර තිබෙනවා.

ඒ, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි. ඒ අනුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් තනතුරේ කටයුතු කළ කේ. එස්. එල්. ජයරත්න, මහේස්ත‍්‍රාත් තනතුරේ කටයුතු කළ ආර්. එස්. ඒ. දිසානායක සහ ඞී. ඒ. ආර්. පතිරණ ද මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අද සිය පත්වීම් ලිපි ලබාගත්තා.

දිසා විනිසුරුවරුන් ලෙස කටයුතු කළ ඩබ්ලිව්. ඒ. පෙරේරා, සී. මීගොඩ, ඒ. අයි. කේ. රණවීර, ඩබ්ලිව්. එම්. එම්. තල්ගොඩපිටිය, ඞී. ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. ආර්. සී. පී. කුමාරි දෑල සහ එච්. එස්. පොන්නම්පෙරුම ද මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබාගත් 12 දෙනා අතරට ඇතුළත්.

අතිරේක දිසා විනිසුරු තනතුරේ කටයුතු කළ එස්. අයි. කාලිංගවන්ස, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරුන් වන එන් ටී වික‍්‍රමසේකර සහ ඒ. ජී. යූ. එස්. එන්. කේ. සෙනෙවිරත්න ද මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අද සිය පත්වීම් ලිපි ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දමයි

colombotoday

ව්‍යවස්ථාදායක සභාවට බිමල් රත්නායක නම්කරයි…

colombotoday

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Admin

පාස්කු සිද්ධියේ වන්දි ගෙවූ හැටි ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට

Admin