Colombo Today Local News

දේශපාලන පත්‍රිකාවලට තමන්ගේ ඡායාරූප යොදාගැනීම ගැන කාදිනල්තුමාගෙන් නිවේදනයක්

මෙවර මහ මැතිවරණයේදී තමාගේ කිසිදු අනුදැනුමකින් තොරව ඇතැම් අපේක්ෂකයින් සිය මැතිවරණ දැන්වීම් සහ ප්‍රචාරක පත්‍රිකාවල, තමාගේ ඡායාරූපය භාවිත කරමින් සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

තමා මුණ ගැසීමට පැමිණි අවස්ථාවන්වලදි ලබාගත් ඡායාරූප ඔවුන් මෙලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කරමින් සිටින බව කාදිනල් හිමිපාණන් පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව දන්වා තිබේ.

අදාල නිවේදනය මගින් කාදිනල් හිමිපාණන් පෙන්වාදෙන්නේ තමා හෝ අගරදගුරු පදවිය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන කණ්ඩායමක් සමග පක්ෂ දේශපාලනයේ නොයෙදෙන බවය.

තම හෘද සාක්ෂියට අනුව කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට සෑම පුරවැසියෙකු සතු ප්‍රජාතාන්ත්‍රික අයිතිය කිසිවෙකුට අහිමි කළ නොහැකි බව ද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

මුස්ලිම් ජනතාව ඉන්නේ ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. – නියෝජ්‍ය ඇමති හාරිස්

colombotoday

“බැදුම්කර මගඩිය මට කරන්න කීවේ අගමැති රනිල්“ – අර්ජුන් මහෙන්ද්‍රන් කියයි

colombotoday

වැඩට එන්න.. ඉල්ලීම් දෙන්නම් – තැපැල් සේවකයන්ට ඇමති දන්වයි !

colombotoday

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි – අනුර කුමාර දිසානායක

Admin

“අස්ගිරි නිවේදනය වැරදියි.. සංහිදියාවට පටහැනියි“ – දඹර අමිල හිමි මහා නාහිමිටත් උඩින් යයි

colombotoday

ජන බලයට බෙදූ කිරි පැකට්ටුවේ වස නෑ… රස පරීක්ෂණයෙන් හෙළිවුණා…

colombotoday