Colombo Today Local News

දුම් වැටියක් රුපියල් 3 කින්. මත් පැන් බෝතලයක් රුපියල් 40 කින් ඉහළ යයි

arrack-cigarateeඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ දමා තිබෙනවා.ඒ අනුව රුපියල් 30ක්ව පැවැති දුම්වැටියක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති බව සඳහන්.ඊට අමතරව සාන්ද්‍රණය සියයට 5ට අඩු බීර ලීටරයක මිල රුපියල් 40කින් ඉහළ දමා ඇති අතර, සාන්ද්‍රණය සියයට 5ට වැඩි බීර ලීටරයක මිල රුපියල් 60කින් ඉහළ නංවා තිබෙනවා.දේශීය මත්පැන් නිෂ්පාදනය කරන ස්ප්‍රීතු ලීටරයක මිල රුපියල් 110කින් ඉහළ දමා ඇති අතර, විදේශීය මත්පැන් නිෂ්පාදනය කරන ස්ප්‍රීතු ලීටරයක මිල රුපියල් 160කින් ඉහළ දැමීමට පියවර ගැනුණා.ඒ අනුව දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 40කින් පමණ ඉහළ යනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

Related posts

යුද්ධ හමුදා ගිලන් රථයක් වෑන් රථයක ගැටී පාසල් ළමුන් 3ක් ඇතුළු 6ක් රෝහලේ

Admin

ත්‍රස්ත විරෝධි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්යයි

Admin

උතුර – නැගෙනහිර එක් කර, ස්වයං තීරණ අයිතිය ඉල්ලන යෝජනාවක් සම්මත වෙයි !

colombotoday

දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල ගුරුවරුන්ට අමතර දීමනාවක් !

colombotoday

සත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අවසර

colombotoday

දිස්ත්‍රික්ක 07කට අනතුරු ඇඟවීමක්

colombotoday