Colombo Today Local News

දිස්ත්‍රික්ක 07කට අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (24) රාත්‍රි 8.00 සිට අද රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයක් සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මාතලේ, මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා දෙවන අදියරේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති අතර කොළඹ, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා පළමු අදියරේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර පසුගිය ඔක්තෝබර් 29 වන දින සිට ඊයේ දිනය දක්වා කාලය තුළ අයහපත් කාලගුණ තත්ත්තවය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එහිදි පවුල් 42,899කට අයත් පුද්ගලයින් 153,895 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

මේ අතර දිවයිනට ගිනිකොන දෙසින් නිරත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායූගෝලයේ කැලඹිලි ස්වභාවය අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධන වී දැනට දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ජල සම්පාදන සේවකයින් අද වැඩවර්ජනයක

Admin

“කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ.. උපවාස කරාට ඇප දෙන්නෑ“ – අනුර දිසානායක

colombotoday

චන්ද්‍රිකාගේ සංහිදියා බලකායේ වාර්තාව රජයට.. විදෙස් විනිසුරුවන් ගෙන්වන්න නිර්දේශ කෙරේ

colombotoday

“කෝටි 7ක BMW 7 Series එකක් දෙන්න බැරිනම්, කෝටි 4 බෙන්ස් එකක්වත් මට ඕන” – ෆොන්සේකා

colombotoday

මේ අයවැය දියවැඩියාවට දුන්නු සීනි එන්නතක් ව‍ගේ. ආර්ථික දේහයේ වකුගඩු හොදටම නරක් වෙලා – බන්ධුල

colombotoday

තෙල් පෝලිමේදී තරණයා ඝාතනය කළ 7 ක් අත්අඩංගුවට

colombotoday